ෆේස්බුක් සමාගමේ නැගී එන වෙළෙඳපොළවල් සම්බන්ධයෙන් අවධානය යොමු කරන කණ්ඩායමක් විසින් මෙරටදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔවුන් සදහන් කර සිටියේ ෆේස්බුක් සමාගම හා ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය සෑම විටම ජාත්‍යන්තර ප්‍රමිත හා තත්ත්ව පිළිපදින බවයි. ඒ අනුව රජයන් විසින් සිදුකරන ඉල්ලීම් වලට කිසිදු ෆේස්බුක් ගිණුමක්,පිටුවක් හෝ අන්තර්ගතයක් ඉවත් නොකරන බව ෆේස්බුක් සමාගමේ නිලධාරීහු ප්‍රකාශ කලෝය.හ
එහිදී අදහස් දක්වමින් එම නිලධාරීන් වැඩිදුරටත් සදහන් කර සිටියේ “රජයන් වගේම නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමඟ කටයුතු කිරීමේදී අපි ඉතා විනිවිදභාවයෙන් වැඩ කරනවා. ඒ වගේම අපි ලෝකයේ සෑම රජයක් සහ ආණ්ඩුවක් සමඟ කටයුතු කරන්නේ එකම විදියකට. ඒ තත්ත්ව සහ ප්‍රමිත වෙනස් වෙන්නේ නැහැ.” යනුවෙනුයි.
රජයක් මගින් ෆේස්බුක් සමාජ මාධ්‍යට අදාළ යම්කිසි පිටවතු හෝ පුද්ගලයකෙු ඉවත් කරන ලෙස ඉල්ලීමක් ක හැකි නමුත් තම ආයතනය විසින් එසේ යම ෆේස්බුක් පිටුවක් හෝ පුද්ගලයෙකු ඉවත් කරන්නේ එම පුද්ගලයා හෝ පිටුව විසින් දිගින් දිගටම ෆේස්බුක් සමාගමේ ප්රතිපත්තීන් උල්ලංඝණය කරන්නේ නම් පමණක් බවත් එසේ ඉවත් කිරීඹට පෙර එම පුද්ගලයා අනිවාර්යෙන් දැනුවත් කරන බවත් ඔහු හෝ ඇය එයට එකග නොවන්නේ නම් අභියාචනයක් ඉදිරිපත් කිරීමට හැකි බවත් එම නිලධාරීන් මාධ්‍ය අමතමින් පැහැදිලි කලේය.අභියාචනාවක් දිරිපත් වන්නේ නම් වෙනත් ස්වාධීන කණ්ඩායමක් විසින් නැවතත් එම පිටුව හෝ පුද්ගලයා ගැන විමසා බලන අතර එම අවස්ථාවේදීද ඔවුන් සිය සමාගමේ ප්රතිපත්තීන් කඩකර ඇති බව ඔප්පු වුවහොත් එම පිටව ඉවත් කරන බවත් එසේ නොවුනහොත් නැවතත් එම පිටුව ක්‍රියාත්මක වන බවත් ඒ සම්බන්දයෙන් තම සමාගම සමාව අයැදීමක් සිදුකරන බවත් එම නිලධාරීන් වැඩිදුරටත් සදහන් කලේය.
මෑතකදී මෙරට සුප්‍රසිද්ධ යැයි සිතා සිටින නිරවත් දර්ශණ තමන්ගේ ආදායම් මාර්ගය කර ගත් පුද්ගලයකෙු ඔහුගේ ෆේස්බුක් ගිණුම රජය විසින් තහනම් කල බවට ගෙන ගිය ප්රචාරයට මෙය කදිම පිළිතුරක් වනු ඇත. ඔහු විසින් ඒ නාටකය රගපානු ලැබුවේ ඔහුගේ යූටියුබ් වැනි වෙනත් සමාජ මාධ්‍ය වෙත ප්‍රේක්ෂකයන් වැඩියෙන් ආකර්ශණය කරගැනීමට විනා වෙන කිසිවකට නොවන බව දැන් පැහැදිලිය.
ඬේලිමිරර් ඇසුරිනි