Saturday, May 18, 2024

යාපනේ මාධ්‍යවේදින් හමුනොවු ජනපතිට අරුන් සිද්ධාර්තන් හමුවිම ???

Must read

මේ දිනවල උතුරේ සංචාරයක නිරතව සිටින ජනාධිපති වික්‍රමසිංහ ඊයේ (06) දිනයේ ‘යාපනය සිවිල් සමාජ කේන්ද්‍රය’ නියෝජිතයින් පිරිසක් සමගද

විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇතැයි ද ලිඩර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ

රට වෙනුවෙන් ගන්නා ඕනෑම තීරණයක් වෙනුවෙන් සහයෝගය දැක්වීමට යාපනය සිවිල් සමාජ කේන්ද්‍රය ප්‍රධාන අනෙකුත් සංවිධාන මෙහිදී ජනාධිපතිවරයාට එකඟත්වය පළකර ඇති බව වැඩිදුරටත් එම පුවතේ සදහන්ය

යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ සභාපති අරුන් සිද්ධාර්ත් (Arun Siddharth ) ඇතුළු පිරිසක් හමුවු බවද එම පුවතේ සදහන්ය.

 

අරුන් සිද්ධාර්ථන්ට දමිල සමාජය තුල කවරආකාරයේ පිලිගැනිමක් තිබේද යන්න සැබැවින්ම ගැටළු සහගතය . දකුණෙ දකින්න ආසා කරන දෙමළා අරුන් සිද්ධාර්ථනි විය හැකි නමුත් උතුරේ දෙමළ ජනයාගේ සැබැ ජන අභිළාෂයන් අරුන් සිද්ධාර්ථන්ලා නියෝජනය කරන්නේ නැති බව අප කළ විමසුමකදි ප්‍රධාන පෙළේ සිවිල් සමාජ ක්‍රියාධරයන් මෙන්ම මාධ්‍යවේදි ක්‍රියාකාරින්ද පවසා සිටියහ.

මේ අතර ජනපතිගේ දින 4 ක යාපනය සංචාරය තුලදි ඔහු යාපනයේ මාධ්‍යවේදින් හමුවිමට කටයුතු කර නොතිබුණ බවට සදහන් සමාජ මාධ්‍ය සටහන්ද මේ වන විටත් පළවන්නට පටන් ගෙන තිබේ.

මෙම පින්තූරය 2012 අප්‍රේල් 29 දින නෙඩුන්දිවේදී ගන්නා ලදී.
ඔහු එවකට විපක්ෂ නායකවරයා විය. නෙඩුන්ඩි යනවිට නිසි වාහන පහසුකම් පවා එදා තිබුනේ නැත
එදා මාධ්‍යයට ඉඩක් තිබුණි
දැන් .. බොහෝ සිදුවීම් සඳහා මාධ්‍යයට අවසර නැත.
දින හතරක් එහි රැඳී සිටි ජනාධිපතිතුමා නගරයේ විද්වතුන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු සියලු දෙනා හමුවිය.
ඒත් මාධ්‍ය හමුවුනේ නැ
තොරතුරු වන්නේ ජනාධිපති මාධ්‍ය අංශය විසින් ලබාදෙන තොරතුරු පමණය.

යාපනේ මාධ්‍යවෙිදින්ගේ මේ සටහන විසින් ඉතා වැදගත් කරුණු කිපයක් මතු කර තිබේ.

විශේෂයෙන්ම ජනපතිවරණයට සජිත් ප්‍රේමදාස ඉල්ලු අවස්ථාවේද යාපනෙය් ජෙට්වින්ග් හෝටලයේදි රනිල් වික්‍රමසිංහ යාපනය මාධ්‍ය සමාජයේ ප්‍රධානින් හමුවිමට කටයුතු කර තිබුණි. ඒ කටයුත්ත එදා සම්බන්ධිකරණය කර තිබුනේ සමන් අතාවුදහෙට්ටි විසිනි.
එහෙත් දැන් ජනපති වික්‍රමසිංහගේ ජනපති මාධ්‍ය අංශයේ බහුතරයකට හෝ වික්‍රමසිංහ සමිපයෙන් සිටින අය අතර දමිල මාධ්‍යවේදින් ගැන අදහසක් ඇති අය සිටිදැයි අප නම් නොදනිමු.දමිළ ජනයාගේ ප්‍රශ්ණ ගැන හෝ දමිළ මාධ්‍යවේදින් මුහුණ දෙන ගැටලු ගැන හෝ ජනපති මාධ්‍ය අංශයේ බහුතරයකට කිසිදු හැගිමක් හෝ ඇත්ද යන්න පවා සැක සහිතය

ඒ අනුව අරුන් සිද්ධාර්ථන් හමුවෙන ජනපති වික්‍රමසිංහට යාපනේ මාධ්‍යෙව්දින් හමුනොවිමේ අහම්බයක්ද ?

විශේෂයෙන්ම යාපනය මාධ්‍ය සමාජයේ මාධ්‍ය ක්‍රියාකාරින් විසින් අවස්ථා ගණනාවකදිම ඔවුන්ගේ ගැටලු ජනපතිගේ අවධානයට යොමුකර තිබුණද මේ වන තුරු ඒවා සම්බන්ධයෙන් අවධානයක් යොමු කර ඇති බවක් නොපෙනේ .

විශේෂයෙන්ම රටතුල කල්පවතින සාමයක් ස්ථාපිත කිරිමට ජනපති කල්පනා කරන්නේ  නම් උතුරු නැගෙනහිර මාධ්‍ය ක්‍රියාකාරින් හා ධනාත්මක සම්බන්ධතාවයක් ගොඩ නගා ගැනිමට අත්‍යවශ්‍ය සාධකයක් වනු ඇත.
අවාසනාව වන්නේ එවැනු පසුබිමක් නිර්මාණය කිරිමට හැකියාවක ඇති අය ජනපති වික්‍රමසිංහගේ වටේ නොසිටිමය.
දමිළ සමාජය පවා පිළිනොගන්නා දිලිත් ජයවිරලා විසින් කලක උඩ දැමු  අරුන්ලා හමුවිම සිදුවන්නේ මෙවැනි පසුබිමකදිය.

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article