Monday, May 20, 2024

කුලප්පු වූ ගොනුන් මෙල්ල කර තෑගි ගැනීමේ ක්‍රීඩාව හෙවත් ‘ජල්ලි කට්ටු’ ශිෂ්ට සම්පන්න ක්‍රීඩාවක්ද ?

Must read

ඊයේ දිනයේ (  6 )    ත්‍රිකුණාමලයේ සාම්පූර්හිදී  ජල්ලිකට්ටු තරඟයක් පවත්වා තිබේ. මෙම ජල්ලිකට්ටු ක්‍රීඩාව පළමු වරට ලංකාවේ පැවැත්වුන බවටද  මෙම ක්‍රිඩාවට අනුග්‍රහය දැක්වූ පිරිස් ආඩම්බරයෙන් කියනු මාධ්‍යට වාර්තා වි ඇත. මෙම ක්‍රීඩාව දකුණු ඉන්දියානු දෙමළ ජනයාගේ  සම්ප්‍රදායික ක්‍රීඩාවක් ලෙස වසර 2000ක් පැරණි ක්‍රීඩාවකි. තමිල්නාඩු ජල්ලිකට්ටු සුරැකීමේ සහ සුබසාධන සංගමයේ මඟපෙන්වීම යටතේ ඊයේ ජල්ලිකට්ටු සංවිධානය කර ඇත.
නැගෙනහිර ආන්ඩුකාරවරයා ඇතුළු තවත් විශේෂ විදේශීය රාජ්‍ය අමුත්තන්ද මෙම තරගය නැරඹීමට සහභාගී වී තිබේ.

එය කෙසේ වුවද මෙය අද වැනි යුගයකට නොගැලපෙන සත්ව හිංසනයෙන් යුත් ක්‍රීඩාවක් වන හෙයින් අපට ශිෂ්ට සමාජයක් ලෙස මෙවැනි ක්‍රීඩා නැරඹිමට හෝ එවාට අත්පොලසන් දි හුරේ දැමීමට නොහැකිය. සත්ව හිංසනය සම්බන්ධයෙන් මේ රටේ මේ වනවිට යම් කතිකාවතක්ඇරඹී තිබේ.
ඉන්දියාවේ සත්ව සුභසාධන මණ්ඩලය (AWBI ) 2011 දී උසාවියට ​​ඉදිරිපත් කරන ලද වාර්තාවක, AWBI සංවිධානය විසින් පෙන්වා දී ඇත්තේ මෙම ක්‍රීඩාව සඳහා සූදානම් වීමේදී සතුන් “හිතාගත නොහැකි වධ හිංසාවලට” මුහුණ දෙන බවත්, වලිගය ඇඹරුණු සහ කැඩුණු, ඇස්වලට රසායනික ද්‍රව්‍ය වත් කිරීම, කන් විකෘති කළ, තියුණු දාර සහිත ආයුධ වලින් සත්වයාට පහර දීමට භාවිතා කරන බවයි

2000 දශකයේ මුල් භාගයේ සිට ප්‍රාන්තය පුරා ජල්ලිකට්ටු තහනම් කිරීම සඳහා බලකිරීම සඳහා සත්ව හිමිකම් ක්‍රියාකාරීන් සහ කණ්ඩායම් දිගු කලක් තිස්සේ නීතිමය අරගලයක් සිදුකර ඇත. ඉන්දියාවේ සත්ව සුභසාධන මණ්ඩලය (AWBI) මෙම කාරණය සම්බන්ධයෙන් මැදිහත්වීමක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොස් ජල්ලිකට්ටුව “සත්‍ය වශයෙන්ම සතුන්ට කුරිරු” ලෙස සලකන අතර, එම ක්‍රියාව දිගටම පවත්වාගෙන යාම දුරාචාර හා විධිවිධාන අනුව සතුන්ට දයානුකම්පිත ලෙස සැලකීමට විරුද්ධ බව ප්‍රකාශ කොට ඇත.
තවද, සත්ව මරණවලට අමතරව,මෙම ක්‍රිඩාවට තහනමක් ඉල්ලා සිටින පාර්ශ්වයන් තර්ක කර ඇත්තේ ප්‍රචණ්ඩ ක්‍රීඩාව බොහෝ විට සතුන්ට මෙන්ම මිනිස් මරණ සහ තුවාල කිහිපයකට හේතු වන බවයි.

සංචාරක කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් මහතා සිය ධුරයේ වැඩ ආරම්භ කළ දිනවල ත්‍රිකුණාමලයේ මුවන් ආරක්ෂාරීමේ වැඩසටහනට මුල පුරනු ලැබීය. එම වැඩසටහන යටතේ ත්‍රිකුණාමලය නගරය පුරා සැරිසන මුවන්ට පිරිිසිදු හා ගුනාත්මක ආහාර ලබාදිම.මුවන්ගේ මරණ වැලැක්විම වැනි කරුණු පිළිබදව අවධානය යොමු කර තිබුණි. මෙය සතුන්ගේ යහපත වෙනුවෙන් සිදුකරන ලද සද්ක්‍රියාවකි.

සතුන්ට අදාළව ඊට හාත්පසින්ම වෙනත්  ආදර්ශයක් පෙන්වන ජල්ලිකට්ටු වැනි ක්‍රීඩාවකට ඔහුගේ මැදිහත්වීම ලැබී ඇත්තේ හුදෙක් සම්ප්‍රදායක් නඩත්තු කිරීමේ අර්ථයෙන් මෙන්ම දකුණු ඉන්දියාවත් සමග ඇති රාජතාන්ත්‍රික  මිත්‍රකම් වල ඉදිරි පියවරක් ලෙස විය හැකිය.
කෙසේ වුවද මෙම ක්‍රීඩාව පළමු වරට ලංකාවේ පැවත්වීම මෙන්ම මෙයින්ම අවසානයක් වනු දැකිම ලංකාවේ සත්ව ප්‍රේමීන්ගේ ප්‍රාර්ථනාවයි.
ලෝකයේ අනෙක් රටවලට වඩා ආසියාතික රටවල සතුන්ගෙන් වැඩ ගැනීම, සතුන් වෙළඳාම, සතුන්ව පෙරහැරවල් වලට දායක කරගැනිම වැනි නොයෙක් සත්ව හිංසා සිදුකරනු ලබයි. මෙවැනි දේවල් නැවැත්විම වෙනුවෙන් මේ වනවිටත් සත්ව හිංසන පනතක්  පාර්ලිමේන්තුවටද ඉදිරිපත් කර තිබේ. නමුත් මේ වනතෙක් එය සම්මත වි නොතිබිමද අභාග්‍යකි.

 

 

 

 

 

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article