Sunday, September 27, 2026
spot_img
spot_img
spot_img
spot_img

යාපනය පොලිසිය විසින්  තිලීපන් ගේ ප්‍රතිමාව බලහත්කාරයෙන් ඉවත් කරයි

Must read

​යාපනයේ නල්ලූර් හි  පිහිටි තිලීපන් ස්මාරක චතුරස්‍රයේ තබා තිබූ තිලීපන්ගේ ප්‍රතිමාව අද අලුයම යාපනය පොලිසිය විසින් බලහත්කාරයෙන් ඉවත් කරන ලදී.

​මෙම සිදුවීම තිලීපන් අනුස්මරණ කමිටුව විසින් ස්මාරක භූමියේ ස්ථාපිත කර තිබූ සීසීටීවී (CCTV) කැමරා ඔස්සේ සටහන් වී තිබුණි.

​මෙම ඉවත් කිරීම සැප්තැම්බර් 27 වැනි දින අලුයම සිදු කර ඇත්තේ, මෙම වසරේ තිලීපන් අනුස්මරණ කටයුතු ස්මාරක භූමියේදී අවසන් වී හරියටම දිනකට පසුවය.

​පොලිසිය විසින් මෙම ප්‍රතිමාව ඉවත් කිරීමට හේතු සහ නීතිමය පදනම තවමත් ප්‍රසිද්ධියේ තහවුරු කර නොමැත.

සටහන සහ ඡායා – කුමනන්

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article