Monday, October 12, 2026
spot_img
spot_img
spot_img
spot_img

යාපනය කොළඹතුරෙයි ජැටිය නවීකරණ ව්‍යාපෘතිය මාස 2කින් නිම කිරීමට නියමිතයි !

Must read

 

 

යාපනය කොළඹතුරෙයි පියර් එක පුළුල් කිරීම සහ නවීකරණය කිරීමේ රුපියල් මිලියන 205ක ව්‍යාපෘතියේ ඉතිරි කටයුතු ඊළඟ මාස 2ක් ඇතුළත නිම කරන ලෙස නිලධාරීන්ට ධීවර ඇමතිවරයා  උපදෙස් දී තිබේ.

ධීවර ජනතාවගේ පහසුකම් ඉලක්කය

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ ප්‍රදේශයේ ධීවර ජනතාවගේ දෛනික වෘත්තීය අවශ්‍යතා, ආරක්ෂාව සහ පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණිනි.

ව්‍යාපෘතියේ පළමු අදියරේ කටයුතු අවසන් වීමට ආසන්නව ඇත. කෙසේ වෙතත්, සැලසුම් කළ කාලසටහනට වඩා සුළු ප්‍රමාදයක් සිදුවී ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඉතිරි කටයුතු කඩිනම් කරන ලෙස සහ ධීවර ජනතාවගේ යහපැවැත්මට ප්‍රමුඛත්වය දෙන ලෙස අදාළ බලධාරීන්ට දැනුම් දී ඇතැයි ද සැලය.

පියර් එක තවදුරටත් පුළුල් කිරීම, ජලය බැසීමේ සහ ගොඩ දැමීමේ පහසුකම් වැඩිදියුණු කිරීම මෙන්ම ධීවර උපකරණ ගබඩා කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම පිළිබඳව ද නිලධාරීන් සමග සාකච්ඡා කර ඇත.

මෙම නවීකරණයත් සමග උතුරු පළාතේ ධීවර කර්මාන්තය ශක්තිමත් වීමත්, ධීවර ජනතාවගේ ජීවනෝපාය තවදුරටත් දියුණු වීමත් අපේක්ෂා කෙරේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article