Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

යාත්‍රාවත් සමග නන්දිකඩාල් කලපුවට බිලිවූ ජයසීලන්ගේ සිරුර හමුවෙයි

Must read

(11.44am) කුණාටුව හේතුවෙන් මුලතිව් ප්‍රදේශයේ  ගසාගෙන ගිය බෝට්ටුව බේරා ගැනීමට ගිය පුද්ගලයෙකු ඊයේ (03) නන්දිකඩාල් කලපුවේ ගිලී අතුරුදහන්වී  ඇති අතර ඔහුගේ සිරුර අද (4) උදේ සොයාගෙන තිබේ. 02 වනදා ඇතිවූ කුණාටුව සහ අධික වර්ෂාවත් හේතුවෙන් මුලතිව් වෙරළේ නවතා තිබූ ඔහුගේ ධීවර යාත්‍රාව සුළගින් නන්දිකඩාල් කලපුවට ගසාගෙන ගොස් ඇති අතර එම යාත්‍රාව සෙවිම සදහා මෙම පුද්ගලයා සිය සොහොයුරා සමග ඊයේ (3)දා පෙරවරු 10.00 ට පමණ කලපුවට බෝට්ටුවකින් ගොස් තිබේ. එසේ ගොස් සිය කලපුවේ තිබූ සිය යාත්‍රාව සොයාගෙන බෝට්ටුවේ සිට යාත්‍රාවට බසින අවස්ථාවේදී යාත්‍රාවත් සමගම ඔහුව කලපුවේ ගිලී තිබේ. මෙම සිදුවීමෙන් පසු ඔහු ප්‍රදේශයේ ධීවරයින්  සහ නාවික හමුදාව විසින්  ඊයේ සිට ඔහුව සොයාගැනීමට  කටයුතු කළ අතර අද රාත්‍රිය පුරාම මෙම පුද්ගලයා සොයාගැනීමට හැකිවී නොමැත. අද උදෑසන ඔහුගේ සිරුර සොයාගන්නා ලදී. මෙසේ අවසානාවන්ත ලෙස ජීවිතය අහිමි වී ඇත්තේ කෙප්පපුලව් ආදර්ශ ගම්මානයේ පදිංචි 26 හැවිරිදි ජයසීලන් සිලක්සන් මහතායි.

[dropcap][/dropcap] ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article