Saturday, May 18, 2024

යකඩ වළලු සවි කළ දකුණේ හමුදා පොලු සහ කටු කම්බි එතු උතුරේ හමුදා පොලු ?

Must read

මේ දවස්වල යකඩ වලලු අගට එතු පොලු අරගෙන ආපු අමුතු ජාතියේ හමුදාකාරයෝ කව්ද කියල දකුණේ සමාජය තුල ලොකු කථා බහක් යනවා .
ඒවායේ පින්තුරත් සමාජ මාධ්‍ය වල ඉතා වේගයෙන් පැතිරෙමින් තියෙනවා
උතුරේ මිනිසුන්ට එරෙහිව දකුණේ හමුදාව දැවැන්ත මර්ධනයක් මුදා හරින කොට නෑසු කන්ව සිටිමින් හමුදාවට සෙත් පතා නෙළුම් මල් අරන් පන්සල් ගිය අය  ඉස්සරහට  අද අමුතු පොලු හමුදාවක් ඇවිත්.

ඒ වගේම 2021 නොවැම්බර් මාසේ මුලතිව් වල මාධ්‍යවේදියෙක් මුල්ලිවෛක්කාල් නාමපුවරුවේ ඡායාරුපයක් ගන්න ගිය වෙලාවේ හමුදාව ඇවිත් ම්ලේජ් විදියට පහර දිල තිබුන . ඒ අයගේ අතේ තිබුණ පොලුවල ඔතල තිබුනේ කටුකම්බි .

වැඩේ කියන්නේ මුලතිව් මාධ්‍ය සමාජයේ විශ්වලිංගම්ට ඒ විදියට පහර දෙන කොට දකුණේ බහුතරයක් මික් කිව්වේ නෑ.

යකඩ වළලු පොලු හමුදාව ගැන පින්තුර පළකරමින් මම තුන්මුල්ලේ විරෝධතාවයක්ද සංවිධානය වි තිබුනා

හැබැයි උතුරේදි හමුදා අතේ තිබුන ඒ පොලු ගැන දකුණේ මේ මැර හමුදාව ගැන රවුම්කර කර විඩියෝ පින්තුර දාන සිරස මාධ්‍ය විතරක් නෙමේ කිසිම මාධ්‍යයක් ඒ ගැන කථා කලේ නැ. ඒ විතරක් නෙමේ සිරස දමිළ ප්‍රවෘත්ති අංශයේ ලොක්කෙක් මිගමුවේ එයාලගේ මාධ්‍යවේදියාට කියල තිබුනේ ඒ පහර දිම බොරුවක් කියලලු .
ඒ හින්ද ඒකට විරුද්ධව මිගමුවේ තිබුණ මාධ්‍යවේදින්ගේ සහ දේශපාලන සමාජ ක්‍රියාකාරින්ගේ උද්ගෝෂණය වාර්තා කරන්න එපා කියලත් කිව්වලු .

මෙන්න පොරවල් . දැන් සිරස කොහොමද හැසිරෙන්නේ . දකුණේ මාධ්‍ය වලට තියෙන්නේ වෙන වෙන න්‍යාය පත්‍ර. ඒ වෙනුවෙන් එයාල අඩු වැඩි වශයෙන් එයාලාගේ හාම්පුතාලට කඩේ යනව.

ඒක තමයි ඇත්ත.

දෙමළ දේශපාලන සිරකරුවෝ අවුරුදු 16 කටත් වඩා නඩුත් නැතිව හිරගෙවල් වල ලගින කොට දකුණේ අරගලකරුවන්ට පෙනුනේ වසන්තලව විතරයි .

දැන් ඉතින් දකුණේ මේ දේශපාලන අරගල ප්‍රගතිශිලිද ? මාධ්‍ය ආයතන  අපක්ෂපාතියිද ?

හමුදාව ගැන හොදටම දන්න හින්ද එදා කුට්ටිමනිලා දකුණේ මේ දේවල් වෙන්න නියමිතයි කියල කිව්වා . එහෙම  ඇත්ත කියපු අයවව මැරුවේ ඇස් උගුල්ලල …

ඉතින් මේ ඇත්ත දැනවත් තේරුම්  ගන්නේ නැත්නෙම් මේ බෙදුන සමාජය එකතු කරල මර්ධනයෙන් නිදහස් රටක් හදන්න කොහොමටවත් බෑ.





 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article