Saturday, May 11, 2024

මෛත්‍රි උසාවිට කරුණු කින්න බෑ කියයි ! එයා ඔක්කොම දන්නවා සිරිල් ගාමිණි පියතුමා කියයි !

Must read

වසර 05ක කාලයක් පාස්කු ප්‍රහාරයේ සත්‍ය සඟවාගෙන සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්වරම මහමොළකරු පිළිබඳ ප්‍රකාශයක් කරනු ලැබුවේ ඔහුට වාසිදායක මැතිවරණයක් ආසන්න කාලයක් නිසා බව  ගරු සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා   පැවසු බව ada.lkවෙබ් අඩවිය වාර්තා කර තිබේ
කොළම අගරදගුරු නිවසේ ඊයේ  (03දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

ප්‍රශ්නය – මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රකාශය හරහා පුවත්පතක් වාර්තා කරලා තිබුණා ඉන්දියාවත් සම්බන්ධයි කියලා. ඔබවහන්සේලාගේ මතය මොකක්ද?

පිළිතුර –ඒක කියන්නේ රහස් පොලීසියට ලබා දුන් ප්‍රකාශය ඔස්සේනේ. නමුත් ඒ ප්‍රකාශය කවුරුත් හරියටම දන්නේ නෑ. අවුරුදු 05ක් තිස්සේ කියාගන්න බැරිවුණු එක මොකද මේ එකපාරටම කියන්නේ? මේ කාලය තොරා ගැනීම පිළිබඳ අපිටත් ගැටලුවක් තියෙනවා.

මේක අපි විශ්වාස කරන්නේ නෑ කොහෙත්ම සති තුනකට කලින් ඔහු දැනුවත් වුණා කියන කාරණය. අපේ විශ්වාස තමයි ඔහු එදා සිටම දැනගෙන සිටියා. ඒකයි අපි හැමදාම කියන්නේ මේකට ස්වාධීනව කටයුතු කරන්න පුළුවන් විමර්ශන කණ්ඩායමක් අවශ්‍යයි.

මේ අතර පාස්කු ප්‍රහාරය පිළිබදව ඇත්ත හෙළිකිරිමට තමන් සුදානම් බවත් උසාවිය විසින් තමන්ට ඉල්ලිමක් කරන්නේ නම් එය කිරිමට තමන් සුදානම් යැයි කලින් කියා සිටියද පසුව ඔහු සදහන් කරන්නට යෙදුණේ තමන් එසේ කරන්නට සුදානම් නැති බවය.

කෙසේ වෙතත් මෛත්‍රිපාල සිරිසේනගේ මෙම ක්‍රියාව දේශපාලනි ඉල්ලන් කෑමක් ලෙසින් දේශපාලන කවයන්හිත් සමාජ මාධ්‍යයන්හිත් කථා වෙමින් තිබේ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article