මෙරට 20 වන කොවිඩ් නයින්ටීන් මරණය අද (31) වාර්තා වී තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 54 හැවිරිදි කාන්තාවකි.
ඇය දියවැඩියා තත්වය සදහා ප්‍රතිකාර ලබමින් සිට ඇති බවත් ඇයගේ පී.සී.ආර් පරීක්ෂණ වාර්තාව අද පෙරවරුවේ ලැබුණු බවත් ඒ අනුව ඇය කොවිඩ් ආසාදිතයෙකුක බව තහවුරු වූ බවත් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේය.