මෙරට ක්‍රියාත්මක වන මහාධිකරණ සංඛ්‍යාව වැඩි කිරීමට හෝ ඇතැම් මහාධිකරණයන් විශේෂ විභාග අධිකරණයන් බවට පත්කිරීමට සැලසුම් සකස් කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය හා සමකැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පවසනවා.
ඒ මහතා පවසන්නේ එසේ කිරීමට ව්‍යවස්ථා සංසෝධනයක් අවශ්‍ය නොවන බවයි. එලෙසම මහාධිකරණ විශේෂ විභාග අධිකරණයන් බවට පත්කිරීම මගින් එකම දිනයේදී නඩු විභාග දෙකක් හෝ කිහිපයක් ඇසීමේ හැකියාව පවතින බවද ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත.