පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව යළි සේවයේ පිහිටුවා තිබේ.
පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ, පොලිස්පතිවරයාගේ නියමයෙන් පසුගිය (21) සිට බලපැවැත්වෙන පරිදි ඔහු යළි සේවයේ පිහිටුවා ඇති බවයි.
2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවන් සහ සැකකරුවන් 27 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනා යටතේ නියෝමාල් රංගජීව මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේ ය.
ගොඩහේවා සහ හුරුගල්ලේ නාඩගම !
එහෙත් ඒ අවස්ථාවේ කිසියම් අයෙකු විසින් ඒ බව ජනාධිපති සිරිසේනට දන්වා ඇති අතර එහිදී සිරිසේන ජනාධිපති දැඩි ස්වරයෙන් සඳහන් කර ඇත්තේ තම නියෝගයට පිටින් කිසිඳු පත්කිරීමක් සිදුනොකරන ලෙසය.
මේ අතර ජාතික රක්ෂණ සංස්ථාවේ සභාපති ධුරයට නාලක ගොඩහේවා පත්කිරීම, කපිල චන්ද්‍රසේන වෙත ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සභාපතිත්වයට පත්කිරීම යන අවස්ථා සම්බන්ධවද ජනාධිපති සහ මහින්ද පාර්ශවය අතර ගැටුම් සහගත තත්ත්වයක් මතුව තිබෙන බව වාර්තා වෙයි.
ඒ නිසාම මේ වන විට රාජ්‍ය ආයතන සඳහා පත්වීම් සිදුකරන විට ඒ සඳහා රාජපක්ෂ පාර්ශවයට අවස්ථාව නොලැබෙන ලෙස වන චක්‍ර ලේඛයක් නිකුත් කිරීමටද සිරිසේන ජනාධිපති කටයුතු කර ඇත.
