Sunday, May 19, 2024

මුත්‍රා ආසාදන හා එමගින් ඇතිවන ගැටළු හදුනාගමු…….

Must read

21369444_1928268867427586_2940089770729803916_n

නීරෝගී පුද්ගලයෙකුගේ සාමාන්‍ය මුත්‍රා වර්ණය වන්නේ, පිදුරු වර්ණයයි. හැබැයි මුත්‍රා අවර්ණ වුණොත් ඉන් කියැවෙන්නේ ඔබ අවශ්‍ය ප්‍රමාණයට වඩා වතුර පානය කර ඇති බව යි. ඒකෙ කිසි වැරැද්දක් නැහැ, මොකද අපේ ශරීරයෙන් සියයට 70ක් ම පමණ ජලය තිබෙන නිසා පිපිඤ්ඤා ගෙඩියක් වගේනේ. ඒකට ඉතින් ප්‍රශ්ණයක් වුණොත් වෙන්නේ වතුර අඩු වුණෝතින් තමයි. ඒ හින්දා අවර්ණ මුත්‍රා ගැන බය වෙන්න දෙයක් නැහැ, ඒත් වතුර අඩුවෙන් බිව්වොත් නම් මුත්‍රාවල වර්ණය තද කහ පැහැ වෙනවා. එහෙම නිතර වෙන්න දෙන එක නම් ලෙඩ ගොඩකට ආරාධනා කළා වගේ තමයි.

මුත්‍ර මාමයිට් පාට වුණොත් වහා ම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙන්න ඕන. එවන් තද කළු-දුඹුරු වර්ණයක් එන්නේ වතුර අඩුවෙන් පානය කළාම හා අක්මාවේ ආසාදනයක් එනම්, හෙපටයිටීස් හෝ සිරෝසිස් වැනි රෝග තත්වයක් ඇති වුණාමයි. අක්මාවේ ප්‍රදාහයට පත් සෛල එකතු වීම හෙපටයිටීස් ලෙස හඳුන්වනවා. එය හමේ හෝ ඇස්වල අමුතු කහ පැහැයක් ඇතිවීමෙන් සහ ආහාර අරුචිය ඇතිවීමෙනුත් හඳුනාගන්න පුළුවන්. අක්මාවට දීර්ඝ කාලීනව හානි පැමිණීම නිසා සිරෝසිස් ඇති වෙනවා. මත්පැන් සහ හෙපටයිටීස් බී නිසා ඇතිවන සිරෝසිස්; නිතර දැනෙන තෙහෙට්ටුව, වෙහෙස බව සහ කසන සුළු කහ පැහැති සමෙන් ද හඳුනා ගන්නට පුළුවන්. එහිදී මෙම මුත්‍රාවල කළු වර්ණයට හේතු වෙන්නේ බිලිරුබීන් මුත්‍රාවලට එක් වීමෙනුයි. බිලිරුබීන් වලින් තමයි අක්මාවේදී රුධිර සෛල බිඳ දමන්නේ. මලපහවල සාමාන්‍ය දුඹුරු පැහැය ලබා දෙන්නේත් එයමයි.
බීටා කැරොටීන් හෝ විටමින් B සහිත දේවල් හෝ රයිබොෆ්ලේවීන් හෙවත් විටමින් B2 වැඩිපුර ගත්තොත් ඒවා ජලයේ පහසුවෙන් දිය වෙන නිසා ශරීරයට අවශෝෂණය කරගන්නට බැරි හෝ වැඩිමනත් දේ එක්වීමෙන් මුත්‍රාවල වර්ණය දීප්තිමත් තැඹිලි හෝ කහ වර්ණයට හැරෙනවා.
හැමවිට ම මුත්‍රා කටුස්සෙක් වගේ පාට කරපු පලියට ම භය වෙන්න දෙයක් නැහැ. බොහෝ අවස්ථා වලදී අපි ගන්නා ආහාරපාන හෝ බෙහෙත් වර්ග අනුව එහි වර්ණය වෙනස් වන්නට පුළුවන්. මේ විධියට බීට් වැනි ආහාර පමණ ඉක්මවා ආහාරයට ගත්තොත් මුත්‍රා රතු පැහැ ගැන්වෙන්න පුළුවන්. ඒ වගේම පමණ ඉක්මවා දිගු දුරක් එක දිගට දිව්වත් එහෙම වෙන්න පුළුවන්. හැබැයි එහෙම නැතිව රත්පැහැ වුණොත් ඉන් කියැවෙන්නේ රුධිර ගැලීමක්, ආසාදනයක්, විසප්පුවක්, පුරස්ථි ග්‍රන්ථියේ ඉදිමීමක්, මුත්‍රාශයේ ගලක් පමණක් නෙවෙයි එය පිළිකාවක් දක්වා ම දිවෙන්න පුළුවන්.
මුත්‍රා නිල් පාට හෝ දුබුරු පාට වුණොත් ඒ අනිවාර්යයෙන් ම ආහාර වර්ණක හෝ ඖෂධයක් නිසා තමයි. ඒ ඖෂධ අතරින් කිහිපයක් ලෙස ප්‍රතිබැක්ටීරියා, ප්‍රතිහිස්ටැමීන්, වමනය නවතන ඖෂධ හා ආමාශයේ ආම්ලික බව අඩු කරන දේ දක්වන්නට පුළුවන්. හැබැයි අත දරුවෙකුගේ එවන් මුත්‍රා වර්ණයක් දකින්න ලැබුණොත් ඒ ගැන වෛද්‍යවරයෙක්ට දැනුම් දෙන්නට ඕන. එය ජානමය ගැටළුවක් වන හාට්නප් හෝ බ්ලූ ඩයපර් සින්ඩ්‍රෝමය වන්නට පුළුවන්.
වර්ණ හැරුණා ම ඇතැම්විට මුත්‍රා පෙණ සහිත වන්න පුළුවන්. ඒ කාය වර්ධන ප්‍රෝටීන් පාන වර්ග වැනි අධික වශයෙන් ප්‍රෝටීන් අඩංගු දේවල් ශරීර ගත වුණා ම ශරීරයට අවශෝෂණය කරගත නොහැකි වැඩි ප්‍රෝටීන ප්‍රමාණය ඊට හේතු වෙනවා. එහෙත් එසේ නොකරත් දිගට ම මෙය පැවතුණොත් වෛද්‍යවරයෙකු හමුවීම යෝග්‍ය යි. මොකද, වකුගඩු ආබාධ නිසා ශරීරයේ තිබෙන ප්‍රෝටීන මුත්‍රාවලට එක්වීමෙන් එසේ සිදුවන්න පුළුවන් නිසා යි.

එහෙනම් ඉතින් මින් පස්සේ සින්දු කිය කිය හතර වටේ බල බලා මුත්‍රා කරන්නෙ නැතිව ‘දේදුන්න සේ ම නීල ආකාසේ’ මුත්‍රාවලට පැස්ටල් පෙට්ටියෙන් පාටක් ඇවිත් තිබුණොත් ටිකක් ඒ ගැන අවධානය යොමු කරන්න තරම් ඔබට දැන් දැනුමක් තිබෙනවා.

ලොකු කුඩා බාල මහළු කාහටත් වැළඳිය හැකි රෝග අතර ප්‍රධාන තැනක් ගන්නා රෝගයක් වනුයේ මුත්‍රා ආශි‍්‍රත රෝගයිග මුත්‍රා ආශි‍්‍රත රෝග ගණනාවක් තිබෙන අතර විවිධ රෝග විවිධ වූ ආකාරයට රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.
නීරෝගි පුද්ගලයකුට දිනකට පැය 4 -5 කට වතාවක් මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය දැනේග මුත්‍රා එක දිගට විදීමක් හෝ ගලායාමක් සිදුවිය යුතුයග එසේ නොවන්නේ නම් එය මුත්‍රා ආශි‍්‍රත රෝගයක මූලාරම්භයයිග

මූලික රෝග ලක්ෂණය……

මුත්‍රා කිරීමට අපහසු වීමයි මුත්‍රා කිරීම තරමක් පමා වී ඇරඹෙන අතර ඇතැම්විට තටමමින් ටික වේලාවකට පසු මුත්‍රා කිරිම ඇරඹේ සාමාන්‍යයෙන් අවුග 45 පසුවන විට මෙවැනි රෝග මතුවිය හැකග ඇතැමුන් තැකීමක් නොකළ ද පසුකාලීනව තත්ත්වය ව්‍යාකූල විය හැක.

මුත්‍රා කඩින්කඩ පිටවීම………

සාමාන්‍යයෙන් මුත්‍රා ප්‍රවාහය තත්පර 30 -40 කාලයක් තුළදී අවසාන විය යුතුය. ඇතැමුන්ට මුත්‍රා කඩින් කඩ පිටවීම නිසා තත්පර 30 -40 වඩා වැඩි කාලයක් උත්සාහයෙන් මුත්‍රා පිටකළ යුතුව ඇත.

ගිනි වතුර මෙන් දැවිල්ල සහිතව……

තවත් රෝග ලක්ෂණයක් වන්නේ ගිනි වතුර මෙන් මුත්‍රා තද රස්නයට පිටවීමයිග මේ අවස්ථාවේදී මුත්‍රා දැවිල්ලක් ද ඇති වේ. වේදනාවක් සහිතව රතු පාටට මුත්‍රා පිටවන්නේ නම් එය බොහෝදුරට මුත්‍රා ආසාදනයක ලක්ෂණයකි.
මුත්‍රා බර දැනුණු විට අවට පරිසරයේ ඒ සඳහා සුදුසු වාතාවරණයක් සතු නොමැති නම් ස්වභාවධර්මයා විසින් මුත්‍රාශය තුළ මුත්‍රා රඳවා ගෙන සිටිය හැක. මුත්‍රාශය තුළ මිලිග්‍රෑම් 150 පමණ එකතු වනතුරු දරා ගැනීමට හැකියාවක් ඇත. සාමාන්‍යයෙන් මුත්‍රාශයේ මිිලි ග්‍රෑම් 400 එකතු විය යුතුය. යම් යම් රෝගවලදී දරා ගැනීමේ ශක්තිය නොමැතිව අතරමැද මුත්‍රා ගලා යාමට පවා ඉඩ ඇත.

මුත්‍රා සමඟ රුධිරය පිටවීම……..

මුත්‍රා සමඟ රුධිරය පිටවීම බොහෝ විට මුත්‍රා පද්ධතියේ පිළිකා රෝග ලක්ෂණයකිග විශේෂයෙන් දැවිල්ලක් නොමැතිව මුත්‍රා සමඟ රුධිරය පිටවීම පිළිකාවකට හොඳම උදාහරණයයි.

කුඩා දරුවන්ට…….

කුඩා පිරිමි දරුවන්ගේ මුත්‍රා පිටවීම වේගවත් විය යුතුයි. එසේ නොවන්නේ නම් උත්පත්තියේ සිට ඇතිවන මුත්‍රා මාර්ගයේ සිරවීමක් දක්නට ලැබේ. මෙම දරුවන් තටමමින් මුත්‍රා පිට කිරීම සිදු කෙරේ මෙවැනි රෝග තත්ත්ව වලට ඉක්මන් ප්‍රතිකාර අවශ්‍යයි. එසේ නොවන්නට අනාගතයේදී වකුගඩු අකර්මන්‍ය වීමට ද ඉඩ ඇතග
සමාජ රෝග
අවුග 20 -25 අතර මුත්‍රා ප්‍රවාහය ඉතා අඩු වශයෙන් සිදු වනවා නම් ඇතැම්විට එය ලිංගාශි‍්‍රත රෝගයක ලක්ෂණයක් විය හැක.

බයිසිකල් පැදීමේදී
බයිසිකල් පැදීමේදී ඇතැම්විට පිරිමින්ගේ මුත්‍රා මාර්ගය බයිසිකල් බාර් එකට තැලීමට ඉඩ ඇත. කාලයක් ගිය පසු යම් යම් ගැටලු මතු වී මුත්‍රා මාර්ගය ආශි‍්‍රත ගැටලු ඇතිවිය හැක.

පුරස්ථි ග්‍රන්ථිය ආශි‍්‍රත ගැටලු………

වයසත් සමඟ පුරස්ථි ග්‍රන්ථිය ඉදිමීම වැනි රෝගාබාධ මතුවන්නේ මුත්‍රා කඩින් කඩ පිටවීම වැනි රෝග ලක්ෂණ මතු කරවමිනි. ඇතැම්විට පුරස්ථි ග්‍රන්ථියේ පිළිකාමය තත්ත්වය දක්වා ද මෙය පැතිර යා හැක.
කාන්තාවන්ට මුත්‍රා රෝග ඔසප් අවසන් වීමෙන් පසු ඇතැම් කාන්තාවන්ට මුත්‍රා කිරීම අපහසු වන්නේ හෝර්මෝන අඩුවීම නිසා මුත්‍රා මාර්ගය හැකිලීමට ලක්වීම නිසාය. ඇතැම්විට රුධිරය පවා පිටවිය හැකි අතර එය පිළිකාවක ලක්ෂණයක් ද විය හැක.

මුත්‍රා අඩස්සිය……..

මුත්‍රා අඩස්සිය යනු මුත්‍රා පහවීම නැවතීමයිග මුත්‍රා කැඩී කැඩී පිටවීමල සෙමින් පිටවීම ආදියට නිසි ප්‍රතිකාර නොගැනීමෙන් මුත්‍රා අඩස්සිය සෑදේ.

දියවැඩියාවට……..

රාත්‍රී කාලයේදී නින්දෙන් අවදි වී වරින් වර මුත්‍රා පිටවීම සිදු වන්නේ නම් එය දියවැඩියා ලක්ෂණයකි.
මේ ආකාරයට මුත්‍රා ආශි‍්‍රත රෝග ගණනාවක් තිබෙන හෙයින් රෝග ලක්ෂණ මතු වූ වහාම හැකි ඉක්මණින් වෛද්‍යවරයෙකු මුණ ගැසීම අත්‍යවශ්‍යය.
එසේ නොවන්නට අනාගතයේදී මුත්‍රා ආශි‍්‍රත ගැටලු සමූහයක් ඔබට මුහුණ දීමට සිදුවනු ඇත. පසුකාලීනව වකුගඩු බද්ධය තරම් රෝගය දරුණු විය හැක.

 

උපුටාගැනීම –  අනුර නාගොඩවිතාන මහතාගේ ෆේස්බුක් ගිනුමෙහි තිබූ සටහනකි.(https://www.facebook.com/permalink.php?story_fbid=1928269454094194&id=100007334745439)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article