Friday, May 17, 2024

මිය ගිය පුද්ගලයන් අනුස්මරණය කිරීම මානව අයිතිවාසිකමක්- මල්ලාහම් මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කරයි !

Must read

යුද්ධයේදී ඝාතනයට ලක් වු දෙමළ ඊලාම් විමුක්ති කොටි සාමාජිකයන් සිහිපත් කිරීම සඳහා නියමිත අනුස්මරණ වැඩසටහන් සදහා මේ දිනවල උතුරේ මෙන්ම නැගෙනහිර ජනයාද සුදානම් වෙමින් සිටිති.
එල්.ටී.ටී.ඊ. පාලනය යටතේ පැවති දෙමළ ජනතාවගේ භූමි ප්‍රදේශ හමුදාව විසින් අත්පත් කර ගැනීමත් සමඟ, උතුරු සහ නැඟෙනහිර ප්‍රදේශවල මියගිය දෙමළ සටන්කාමීන්ගේ සොහොන් 20,400 ක් පමණ තිබූ සුසාන භූමි 25 කට ආසන්න ප්‍රමාණයක් ඩෝසර් කර සමරු පලක කඩා බිඳ දැමු බවට උතුරේ දෙමළ ජනයා යුද හමුදාවට චෝදනා එල්ල කරති
මේ අතර තෙල්ලිපලෙයි හා අච්චුවේලි පොලීසි විසින් පසුගියදා මල්ලාහම් මහේස්ත්‍රාත් අධිකරණයෙන් සුපුරුදු පරිදි ඉල්ලා තිබුනේ මෙම අනුස්මරණ සැමරුම් තහනම් කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසය.

එහෙත් පොලිසියේ මෙම ඉල්ලිමට එරෙහි වෙමින් නොවැම්බර් 20 වැනිදා මල්ලාහම් මහේස්ත්‍රාත් අධිකරණය මේ  සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මල්ලාහම් මහේස්ත්‍රාත් සාවිත්‍රි සයිලවන් නියෝග කර ඇත්තේ මිය ගිය පුද්ගලයන් අනුස්මරණය කිරීම මානව අයිතිවාසිකමක් වන බැවින් ජාතික ආරක්ෂාවට බාධාවකින් තොරව සිදු කරන අනුස්මරණ තහනම් කළ නොහැකි බවය

නොවැම්බර් 27 වැනිදාට යෙදී තිබෙන දෙමළ මහවිරු දිනය ඉලක්ක කරගනිමින් උතුරු නැඟෙනහිර පිහිටි මහවිරු සුසාන භූමි සුදානම් කිරිමේ කටයුතු දෙමළ ජනයා විසින් මේ වන විටත් සිදු කරමින් පවතී.
මළවුන්ට ගෞරව දැක්වීම හින්දු සංස්කෘතියේ කොටසක් වනවා සේම , මළවුන්ට ගෞරව දැක්වීම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මූලික අයිතිවාසිකමක් ලෙස ද ප්‍රකාශයට පත් කර ඇත. 

මුලාශ්‍රය – theleader.lkhonour LTTE 2023.11.20

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article