Friday, September 20, 2024

මාධ්‍යවේදීන්ට පහරදුන් නෝර්වේ පුරවැසිභාවය හිමි දැව ඡාවාරම්කරුට ඇප

Must read

පසුගිය 12 වනදා මුලතිව් හිදී මාධ්‍යවේදීන් දෙදෙනෙකු දැව ඡාවාරම්කරුවන්ගේ ප්‍රහාරයකට හා තර්ජනයට ලක්විය. ෂන්මුගම් තවසීලන් (34) සහ කනපතිපිල්ලේ කුමනන් (27) යන  මාධ්‍යවේදීන් දෙදෙනා මුලතිව් හි මුරිප්පු කැලයේ සිදුවන නීති විරෝධී  දැව ඡාවාරමක් පිළිබඳව හෙළදරව් කිරීමට ගොස් සිටි අවස්ථාවේදී  මෙම ප්‍රහාරයට ලක්විය. තේක්ක නැවත වගාකිරීමේ රජයේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන මුලතිව් , මුරිප්පු වනාන්තරය තුළ සිදුවන නීති විරෝධී  ගස් කැපීමක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් දෙදෙනා පහරකෑමට ලක්වන අවස්ථාවේදී නීතිවිරෝධී ලෙස කපන ලද තේක්ක ගස් වලින් සාදන ලද නිවසක් ඡායාරූපගතකරමින් සිට ඇත. එම ස්ථානයට පැමිණි  එම ඡාවාරමට සම්බන්ධ පුද්ගලයන් මාධ්‍යවේදීන්  දෙදෙනාට මුහුණු වලට හා හිසට පහර දෙන ලදී. ඒම අවස්ථාවේදීම ඔවුන්ට මරණීය තර්ජන ද  එල්ල කරන ලදී.
මේ සිදුවීමෙන් පසු අදාළ සැකකරුවන් හතරදෙනෙකු මුලතිව් පොලිසියට බාරවූ අතර ඔවුන්ව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරන ලදී.  පසුගිය 20 වනදා මේ සම්බන්ධ නඩු විභාගය පැවති අතර නැවතත්  නොවැම්බර් මස 03 වනදා දක්වා සැකකරුවන් බන්ධනාගාරගතකර තිබේ. මේ අතර ඊයේ (27 ) වනදා ප්‍රධාන සැකකරුවෙකු වන නොර්වේ පුරවැසිභාවය හිමි පුද්ගලයා වෙනුවෙන්  මෝසමක් මගින් ඇප අයදුමක් ඉදිරිපත්කර ඇති අතර ඔහුට අධිකරණයෙන් ඇප ලබාදි තිබේ. මෙම පුද්ගලයා වෙනුවෙන්  මුලතිව්හි නීතිඥවරුන් 07 දෙනෙකු ඉදිරිපත්වී ඇති බව වාර්තා වේ.


පහරකෑමට ලක්වූ මාධ්‍යවේදී කුමනන් සහ තවසීලන්

මුරිප්පු ප්‍රදේශය තුළ සිදුකර ඇති නීතිවිරෝධී ,පරිසර විරෝධී ගස් කැපීම්

 


http://citizenpostlk.com/2020/10/14/%e0%b6%b8%e0%b7%94%e0%b6%bd%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b7%8a-%e0%b6%b8%e0%b7%8f%e0%b6%b0%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b7%80%e0%b7%9a%e0%b6%af%e0%b7%93%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b7%83%e0%b7%92/

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article