Tuesday, September 15, 2026
spot_img

කොවිඩ් අවදානම් කලාප වල ධාවනය වන බස් රථ වල ගාස්තු වැඩිවෙයි

Must read

රජය යම් ප්‍රදේශයක් කොවිඩ් අවදානම් කලාපයක් ලෙස නම් කළ විට එහි ධාවනය වන සියලුම බස් රථවල ගාස්තුව ඉදිරියේදී හඳුන්වාදෙන ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියට අනුව වැඩිවන බව වාහන නියාමන, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.

එසේ වැඩිකෙරෙන ගාස්තු අදාළ ප්‍රදේශයේ අනතුරුදායක බව පහව ගිය පසුව යළිත් සාමාන්‍ය බස් ගාස්තු අය කරනු ඇති බවද අමාත්‍යවරයා පවසයි.

කොවිඩ් වසංගතය සමග ප්‍රවාහන ක්ෂේත්‍රය අර්බුද රැසකට මුහුණදී සිටින බැවින් ඊට ස්ථීරසාර විසඳුම් ඉදිරිපත් කිරීම සඳහා මෙම විශේෂ ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියක් සකස් කරන අතර එය ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතය.

(අරුණ)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article