Thursday, May 16, 2024

Must read


විසි අවුරුද්දකට ඉහතදී උතුරේ අධි ආරක්ෂක කලාපයක් තුලදී ඝාතනය කරන ලද දෙමළ ජාත්‍යන්තර මාධ්‍යවේදියකුගේ ඝාතනය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පොලිසියේ යුද අපරාධ අංශය පුද්ගලයකු අත් අඩංගුවට ගෙන තිබේ.


මාධ්‍යවේදී මයිල්වාගනම් නිමලරාජන්ගේ ඝාතනය සම්බන්ධයෙන් පෙබරවාරි 22 දා නෝර්ත්හැම්ප්ටන්ෂයර් ප්‍රාන්තයේදී අත් අඩංගුවට ගන්නා ලද හතලිස් අට හැවිරිදි පුද්ගලයකු මේ වනවිට නිදහස් කර යවා ඇති මුත් පරීක්ෂණ දිගටම පැවැත්වෙන බව පොලිසිය පවසයි.

ශ්‍රී ලංකා භුමියේ යුද අපරාධයක් සම්බන්ධයෙන් විදේශීය පොලිසියක් විසින් කරන ලද මුල්ම අත් අඩංගුවට ගැනීම මෙය සේ සැලකේ. අත් අඩංගුවට ගන්නා ලද පුද්ගලයාගේ නම හෝ සම්භවය පොලිසිය විසින් තවම හෙළි කර නැත.



“මෙය සංවේදී හා සංකීර්ණ විමර්ශනයක වැදගත් වර්ධනයකි,” යි ලන්ඩන් අගනාගරික පොලිසියේ ත්‍රස්ත විරෝධී විධානයේ ප්‍රධානී කමාන්ඩර් රිචර්ඩ් ස්මිත් පවසයි.

“විශේෂයෙන්ම නිමලරාජන් මහතාගේ ඝාතනයට අදාලව තවත් තොරතුරු තිබෙන පුද්ගලයන් සිටිය හැකියි. ඒ අයට ඉදිරිපත්වී නිමලරාජන් මහතාගේ පවුලේ සාමාජිකයන්ට යුක්තිය ලඟා කර දීමට උපකාරී වන ලෙස අපි ඉල්ලා සිටිමු.”

විස්තර ලබා දීමට කැමති අයට එම තොරතුරු SO15Mailbox.WarCrimesTeam@met.police.uk ඊමේල් ලිපිනයට සෘජුවම යුද අපරාධ අංශයට යැවිය හැකිය.

බ්‍රිතාන්‍යයට පැමිණ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාවේ සාමාජිකයන් සතුව වැඩි විස්තර තිබිය හැකි බවට ලන්ඩන් පොලිසියේ යුද අපරාධ අංශය විශ්වාසය පල කරයි.

(theleader.lk)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article