Monday, April 29, 2024

අභිරහස් ලෙස මියගිය විදේශීය කාන්තාවකගේ සිරුරක් වැල්ලවත්ත නිවාස සංකීර්ණයක

Must read


වැල්ලවත්ත නිවාස සංකීරණයකදී අභිරහස් ලෙස මියගොස් සිටි නෙදර්ලන්ත ජාතික කාන්තාවකගේ මළ සිරුරක් ඊයේ (24) සොයාගත් බව වැල්ලවත්ත පොලීසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ Kalidien Nisha Gatoen නැමැති 67 හැවිරිදි නෙදර්ලන්ත ජාතික කාන්තාවකි.

මෙම කාන්තාව Tik Tok සමාජ මාධ්‍ය මගින් හදුනාගත් සිංහල ජාතික තරුණයා සමග ප්‍රේම සබදතාවක් පවත්වාගෙන ගොස් ඇති බවත් පසුව ඔහු සොයා ලංකාවට පැමිණීමෙන් පසු ඔහු සමග මෙම නිවාස සංකීර්ණයේ වාසය කර ඇති බවත් සිදුකල පරීක්ෂණ වලදී හෙලිවී ඇත.

මෙම මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෘත ශරීරය මේ වන විට කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇතැයි පොලිසිය පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article