Friday, September 20, 2024

මහ මැතිවරණයට මුදල් වෙන් වී නැහැ – මැ.කො

Must read

 

පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීම සඳහා මෙතෙක් මුදල් වෙන් වී නොමැති බවත්, මීට අමතරව ජනාධිපතිවරණයේදී සිදුකළ වියදම වෙනුවෙන්ද මුදල් ලැබිය යුතුව තිබෙන බවත් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

මාර්තු දෙවැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කළහොත් පාර්ලිමේන්තු මැතිවරණය අප්‍රේල් 25 හෝ 27, 28, 29 හෝ මැයි 04 වැනිදා යන දිනවලින් එක් දිනයක මැතිවරණය පැවැත්විය හැකි බවද එම කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවැරී ඇති බලතලවලට අනුව මැතිවරණය පැවැත්වීමේ දිනය තීරණය කිරීමේ බලය ජනාධිපතිවරයා සතුවන බවද හෙතෙම පවසා සිටියේය.

මේ නිසා මැතිවරණ පැවැත්විය හැකි පහසු දින පිළිබඳ මැතිවරණ කොමිෂම යෝජනා සිදුකර තිබෙන බවත්, පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ආසන්න වශයෙන් රුපියල් කෝටි පන්සිය පනහක වැඩි මුදලක් වියදම් විය හැකි බවත් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

මැතිවරණයට ඉදිරිපත් වන කණ්ඩායම් ප්‍රමාණය ඉහළ ගියහොත් වියදම රුපියල් කෝට් හත්සියයක් පමණ විය හැකි බවත්, පාර්ලිමේන්තුව විසුරුවා හැර දින පනස්දෙකක් දින හැටහයක් අතර කාලය තුළ මැතිවරණය පැවැත්විය යුතු බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

මාර්තු 02 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට උපකල්පනය කළහොත් අප්‍රේල් 22ත් මැයි 04 වැනිදා හෝ ඊට පෙර දිනයක මැතිවරණයව පැවැත්විය යුතු බවද සභාපතිවරයා පවසා සිටියේය.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඡන්දය භාවිත කිරීම සඳහා එක්කෝටි හැට දෙලක්‍ෂ හැට තුන් දහස් අටසිය අසූපහක් සුදුසුකම් ලබා තිබෙන බවත්, වයස අවුරුදු 18 සම්පූර්ණ වූ මොහොතේ සිට ඡන්දය භාවිත කිරීමට අදාළ පරිසරයක ලැයිස්තු සකස් කිරීමක් සිදු නොවන නිසා ප්‍රථම වරට මෙවර ඡන්දය භාවිත කරන තරුණයෙකුගේ අවම වයස අවුරුදු 18යි මාස 11කට වැඩි වන බවද ඒ මහතා පැවසීය.

පවතින ක්‍රමයට අනුව මෙවර ඡන්දය භාවිත කිරීමට හැකියාව ලැබෙන්නේ 2001 වසරේ මැයි 31 හෝ ඊට පෙර ඉපදුනු පිරිස්වලට බවද මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තු මැතිවරණයට මුදල් වෙන් කිරීම සිදුකර නොතිබුණද, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු මුදල්වෙන් කිරීමේ බලය ජනාධිපතිවරයා වෙත පැවරෙන බවත්, පාර්ලිමේන්තුව විසුරුවාහරියත් මැතිවරණය පැවැත්වෙන තෙක් කැබිනට් මණ්ඩලය පමණක් පවතින බවත් හෙතෙම පවසා සිටියේය.

(Ada.lk)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article