Tuesday, November 26, 2024

මහාචාර්ය සේනක බිබිලේගේ මරණයේ අභිරහස

Must read

මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ අභාවය සිදුවූයේ වසර 1977දී, ගයනා රාජ්‍යයට ගැලපෙන ඖෂධ ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීම සදහා ඔහු එහි ගොස් සිටි අවස්ථාවකදීය.
ඒ සදහා ඔහුට ආරාධනා කරනු ලැබුවේ වෙළදාම හා සංවර්ධනය පිලිබද එක්සත් ජාතීන්ගේ කොමිසම (UNCTAD) විසිනි. මහාචාර්ය බිබිලේ ඇතුලු 6 දෙනෙකු එම කණ්ඩායමට අයත් විය.

මහාචාර්ය සේනක බිබිලේ මිය යාමට පෙර දිනයේදී ගයානා ඖෂධ සංස්ථාවේ සභාපති වෛද්‍ය ගස් ලී මහතාගේ ඉල්ලීමක් අනුව ඔහුගේ නිවසේ රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගී වෙමින් සිටියේය.සාදය පවත්වනු ලැබුවේ අදුරේ ගිලී තිබූ ගී මහතාගේ උද්‍යාන භූමියේය.එම අවස්ථාවට UNCTAD කණ්ඩායමේ සාමාජිකයන් මෙන්ම ජෝර්ජ් ටවුන් නගරයේ ⁣වෛද්‍යවරුන් කිහිප දෙනෙක්ද සහභාගී විය.එහිදී මහාචාර්ය බිබිලේ වෙත ලංවූ එක් වෛද්‍යවරයෙකු ” ඔබ යෝජනා කරන දේ ඖෂධ ජාවාරම්කරුවන්ට අහිතකර නිසා පරිස්සම් වන්න ” ලෙස දන්වා තිබිණි.

කෙසේ වෙතත් වැඩි වෙලාවක් භෝජන සංග්‍රහයේ නොරුදුන මහාචාර්ය සේනක බිබිලේ හා ඔහුගේ බිරිද වන ලීලා බිබිලේ මහත්මිය සිය හෝටල් කාමරය වෙත පැමිණියෝය. කාමරයට පැමිණ පැය කිහිපයක් යන විට මහාචාර්යවරයා වෙත හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇතිවී ඇති අතර වෛද්‍ය රොල්ෆ් රිචර්ඩ්ස් නැමැත්තා කාමරය වෙත ගෙන්වා මහාචාර්වරයා පරික්ෂාකල බව ලීලා බිබිලේ මහත්මිය පවසන්නීය. නමුත් මහාචාර්ය බිබිලේ පරික්ෂා කල වෛද්‍යවරයා සදහන්කර ඇත්තේ මහාචාර්යවරයා කිසියම් හෝ ආබාධයකින් පෙලෙන බවට සාක්ෂි නොමැති බවයි. පසුව නැවතත් පැය කිහිපයකට පසු මහාචාර්යවරයාට හුස්ම ගැනීමේ අපහසුතාවය තවමත් පවතින බව පෙර කී වෛද්‍යවරයා වෙතම දන්වන ලීලා මහත්මියගේ ඉල්ලීම මත නැවතත් මහාචාර්ය බිබිලේ පරික්ෂා කල පෙර වෛද්‍යවරාම සදහන් කර ඇත්තේ මහාචාර්යවරයාට කිසිදු රෝගයක් නොමැති බවයි.මහාචාර්යවරයා වෙත කිසිදු රෝගී තත්වයක් නොමැති බව සදහන් කල වෛද්‍ය රොල්ෆ් රිචර්ඩ්ස් නැමැත්තා UNCTAD කණඩායමේද සාමාජිකායකි.

ඒ ප්‍රකාශයෙන් දැඩි විමතියට පත් ලීලා බිබිලේ මහත්මිය තත්වය සමනය නොවූ හෙයින් පසුදා උදෑසන 6.00ට පමණ මහාචාර්යවරයා රෝහල් ගත කිරීමට තීරණය කර ඇත. නමුත් එදින උදෑසන 9.30ට පමණ ඔහු සදහටම දෙනෙත් පියා ගත්තේය.

පසුව සිය ස්වාමිපුරුෂයිගේ භෂ්මාවසේෂ සමග මෙරටට පැමිණි ලීලා බිබිලේ මහත්මිය ඔහුගේ භෂ්මාවසේෂ ජාවත්ත සුසාන භූමියේ තැන්පත් කලාය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article