Sunday, May 5, 2024

මහාචාර්ය චන්න ජයසුමනව නිල නිවසෙන් නෙරපා හැරීමට අධිකරණ නියෝගයක් !

Must read

රජයේ නිල නිවාසයේ බලෙන් රැඳී සිටි බව කියන හිටපු සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා එකී නිල නිවසෙන් නෙරපා හැරීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (28) නියෝගයක් නිකුත් කර ඇති බව දිණමිණ උපුටා දක්වමින් ශ්‍රිලංකා මිරර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා අධිකරණය හමුවේ ගොනුකරන ලද නඩුවක් සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇතැයි එම පුවතේ වැඩිදුරටත් සදහන්ය

විත්තිකරු අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමෙන් පසුවත් නිල නිවසේ රැඳී සිටින බවත් ඔහුට ඉන් ඉවත් වීමේ නියෝගයක් පනවන ලෙසත් ඉල්ලා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

නඩුවට අදාළ කරුණු අධිකරණය හමුවේ තහවුරු කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා නිල නිවසෙන් නෙරපීමේ නියෝගය අධිකරණය විසින් නිකුත් කෙරිණි.

දොස්තර චන්න ජයසුමන යනු රටේ ප්‍රගිතිශිලි ජනයාගේ විරෝධයට පත්වු  ගෝඨාභය රාජපක්ෂගේ ගෝලයකි.මෑතදි සිය නඩුවෙන් නිදහස ලැබු  රටේ බහුතරයකගේ පිළිගැනිමට පත්ව සිටින බුද්ධි අංශ ප්‍රධානියෙකු වු ශානි අබේසේකරට අදාලව වඩාත් අමානුෂික තිරණ ලබා දුන් අයෙකු බවටද පසුගිය දිනවල මාධ්‍යවල විවේචනයට ලක් වු අයෙකි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article