Monday, May 20, 2024

මයිලත්තමඩු -මාධවනෙයි ගොවිබම්වල අනවසර පදිංචිකරුවන් 13 දෙනෙකු ඉවත්කිරීමට නියෝග

Must read


මඩකලපුව දිස්ත්‍රික්කයේ මයිලත්තමඩු – මාධවනෙයි ප්‍රදේශයේ පිහිටි සාම්ප්‍රදායික ගොවිබිම් අනවසර පුද්ගලයින් විසින් අත්පත්කරගෙන සිටීමත් ඒම ගොවිබිම් වල සිටින ගවයින්ට හිංසා කිරීමත් නිසා එම  ප්‍රදේශ සම්බන්ධයෙන් දීර්ඝකාලීනව නොවිසඳුන ප්‍රශ්න රාශියකට නැගෙනහිර  කිරි ගොවියන් විශාල පිරිසක් මුහුණ පා සිටිනු ලදී.

මෙම අර්බුදයට  රජය  පාර්ශවයෙන්ද විසඳුමක් නොලැබුන අතර  අවසානයේ මෙම ඉඩම් අත්පත්කරගෙන සිටින පුද්ගලයන්ට එරෙහිව අධිකරණයට ගොස් පැමිණිලි කිරීමට ගොවි සංවිධාන පියවර ගන්නාලදී.

මෙ සම්බන්ධව නඩුව වසර කීපයක් දීර්ඝව පැවතුන අතර අද  (13) මෙම නඩු විභාගය මඩකලපුව අධිකරණයේදී පැවැති අවස්ථාවේදී  මයිලත්තමඩු – මාධවනෙයි ගොවිබිම් අනවසරයෙන් අල්ලාගෙන සිටින පුද්ගයින් 13 දෙනෙකුව ඉවත්කරන ලෙස විනිසුරුවරයා විසින් නියෝග කර තිබේ.

ඒ සමගම මේ සම්බන්ධව පැවති නඩු විභාගය අදින් අවසන් කර ඇත.
මයිලත්තමඩු – මාධවනෙයි ප්‍රෙද්ශයේ ගොවි බිම් වල ජනතාවට මුහුණ දීමට සිදුවූ මෙම අර්බුදය මුළුමනින්ම විසදී නොමැති අතර ඒ වෙනුවෙන් දැනට මාස දෙකකට උඩදී ආරම්භ කළ අඛන්ඩ විරෝධතාවය මේ වනවිටත් සිදුකරනු ලබයි.

ගොවිබිම් අරභයා මයිලත්තමඩු ප්‍රෙද්ශයේ මේ වනවිට ආරම්භ කර ඇති  අඛන්ඩ විරෝධතාවය

2020 වර්ෂයේදී මයිලත්තමඩු- මාධවනෙයි ප්‍රශ්නය පිලිබදව  ගොවි ජනතාව හමුවී සාකච්ඡා කරමින් සිටින ගිය පාර්ලිමේන්තු ම්න්ත්‍රීවරුන් වන නීතිඥ එම් සුමන්තිරන් , කේ කරුණාකරන්, සහ සානෙක්කියාන් රාසමණික්කම්  යන මන්ත්‍රීවරුන්

සබැදි පුවත් –නැගෙනහිර ජනතාවගේ සාම්ප්‍රදායික කෘෂි ඉඩම් අනතුරේ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article