Thursday, May 16, 2024

මන්නාරම පල්ලිමුන්‍ය ගම්මානයේ ධීවරයින්ගේ ගැටලුවලට කඩිනමින් විසඳුම් ඉල්ලා විරෝධතාවයේ

Must read

මන්නාරම පල්ලිමුන්‍ය ගම්මානයේ ධීවරයින් මුහුණ දී සිටින ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් ධීවරයින් අද බදාදා (6) පෙරවරුවේ විරෝධතාවයක නිරත විය.

පල්ලිමුන්‍ය ශාන්ත ලුසියා ධීවර සමුපකාර සමිතිය විසින් සංවිධානය කරන ලද මෙම විරෝධතාවය අද (6) පෙරවරු 9.30 ට පල්ලිමුන්‍ය මත්ස්‍ය වෙළඳ සංකීර්ණය ඉදිරිපිටින් ආරම්භ විය.

එම විරෝධතාවයට පාසලේ මවුපියන්, ගමේ ධීවර ජනතාව ඇතුළු  පිරිසක් සහභාගි වී සිටියහ.

විරෝධතාකරුවන් විවිධ සටන් පාඨ සහිත පුවරු රැගෙන සාමකාමීව මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දක්වා පා ගමනින් පැමිණියා.

මේ අතර පල්ලිමුන්‍ය ගම්මානයේ ධීවරයින් පැවසුවේ තම ජීවනෝපාය සහ තම ස්ථාන පවත්වාගෙන යාමට විවිධ බාධා එල්ල වන බවයි.

එසේම මන්නාරම සවුත්බාර් ධීවර කර්මාන්තයේ නියැලෙන ධීවරයින් ජීවනෝපාය සහ අල්ලා ගැනීමේ සීමාවන් පිළිබඳ ගැටලුවලට මුහුණ දී සිටිති.

එපමණක් නොව, මුල් ඉඩම් මායිම උල්ලංඝණය කිරීම සහ සාම්ප්‍රදායික වන්දනා අයිතිය උල්ලංඝණය කිරීම, කුඩා ප්‍රමාණයේ ව්‍යාපාරික කටයුතු සඳහා නැවතුම්පළක් ලෙස පිහිටුවා ඇති මුහුදුබඩ කුඩලට්ටි ගොවිපළ ඉවත් කිරීම වැනි ඉල්ලීම් ඉදිරිපත් කරමින් එම ධීවරයෝ විරෝධතාවයේ නිරත වූහ.

මන්නාරම දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී ඉහත කී ගැටලූ සම්බන්ධයෙන් මේ වන විටත් සාකච්ඡා කර කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බව පැවසුවද මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවට අදාළ ගම්වාසීහු සිය අප්‍රසාදය පළ කළහ.

එබැවින් ගම්වාසීන් නගන ගැටලුවලට පියවර ගෙන නිසි විසඳුම් ලබාදිය යුතු බව විරෝධතාවට එක්වූ ජනතාව කියා සිටියහ.

එස්.ආර්.ලැම්බර්ට්

 

 

 

 

 

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article