Thursday, May 9, 2024

මන්නාරම අඩම්පන් ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පියතුමෙකුට ජීවිතය අහිමිවෙයි

Must read

මන්නාරම අඩම්පන් ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් ඩිලාන් පූජ්‍ය ජීවිතක්ෂයට පත්වුණා. මන්නාරම – අඩම්පන් පොලිස් වසමේ අඩම්පන් මංසන්ධියේදී   පසුගිය 4 වනදා   සිදුවූ යතුරුපැදි අනතුරකින් මන්නාරම ඝරා දිස්ත්‍රික්කයේ සැලේසියානු සභාවේ මරිසල් ඩිලාන් ( 34) පියතුමා ජීවිතක්ෂයට පත්විය. පසුගි ය 04 වනදා  පස්වරු 5.45 ට පමණ මෙම අනතුර සිදුව ඇත.

මන්නාරම – අඩම්බන් ප්‍රදේශයේදී ඩිලාන් පියතුමා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ඉදිරියෙන් පැමිණි ටිපර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. උතුරු නැඟෙනහිර දෙමළ රදගුරු පදවියේ පූජකවරුන් සඳහා පාස්කු භාවනාව මන්නාරම මඩු දේවස්ථානයේදී පැවැත්විණි. මීට සහභාගි වී ආපසු එමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව දැනගන්නට ඇත. බරපතළ තුවාල ලැබූ ඔහු ප්‍රතිකාර සඳහා මන්නාරම මහ රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර ලබා දීමෙන් පසු ඔහු ජීවිතක්ෂයට පත්විය. අනතුර සම්බන්ධයෙන් අඩම්පන් පොලිසිය ද පරීක්ෂණ පවත්වයි.

එස්.ආර්.ලැම්බර්ට්

 

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article