Sunday, May 19, 2024

මත්ද්‍රව්‍ය අධිමාත්‍රාවක් නිසා කෝපාහි දරුවෙකු මිය යයි …

Must read

යාපනය කෝපායි පොලිස් වසමේ 15 හැවිරිදි පිරිමි සිසුවෙකු මත්ද්‍රව්‍ය ශරීරගත වීම හේතුවෙන් ඇති වූ අසාධ්‍ය තත්වයක් හේතුවෙන් පසුගි (29දා) මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.

අදාල සිසුවා ශරීරයේ ඇති වූ උණ රෝගී තත්වයක් හේතුවෙන් පසුගිය 28දා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇත්තේ කිසියම් වයිරසයක් හේතුවෙන් උණ හටගෙන ඇති බවට පවසමිනි.

කෙසේ වෙතත්  දින හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇති වී දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කොට ප්‍රති‍කාර  සිදුකලද මිය ගොස් තිබුණි.

අනතුරුව යාපනය ශික්ෂණ රෝහලේදී සිදුකරන ලද පශ්චාත් මරණ පරික්ෂණයේදී අනාවරනය වී ඇත්තේ අදාල පිරිමි දරුවා මත්ද්‍රව්‍ය සිරුරට අධිමාත්‍රාවක් එන්නත් කරගැනීමේදී අති වූ ආසාදනයක් හේතුවෙන් මිය ගොස් ඇතැයි පොලීසිය පැවසීය.

මේ වසරේ ගතවූ කාලය තුලදී පමණක් මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් ඇති වූ ආසාදනයන් මගින් පුද්ගලයින් 13 දෙනෙකු යාපනය දිස්ත්රීූක්කය තුල මිය ගොස් ඇතැයිද පරික්ෂණ සිදුකරන කෝපායි පොලීසිය වැඩිදුරටත් පැවසීය.

මේ අතර උතුරේ දමිල දේශපාලන පක්ෂ පවා මේ ආකාරයෙන් පැතිර යන මත්ද්‍රව්‍ය වසංගතය ගැන වැඩි අවධානයක් යොමුකරමින් එක්ව කටයුතු කළ යුතුව ඇතැයි ආවධාරණය කර තිබේ

නිදර්ශන් විනෝද්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article