Monday, May 20, 2024

මඩකලපුවේ මේ උත්සවයට අවසර ලැබුනේ කාගෙන්ද ?

Must read

මඩකලපුව – මාමාම්ගා ඊශ්වරන් කෝවිලේ ඊයේ (08) පැවති ආගමික උත්සවයකට බැතිමතුන් දහස් ගණනක් සහභාගීවී සිටින අයුරු මේ වන මාධ්‍ය ඔස්සේ සමාජ ගත වෙමින් තිබේ.
මේ සම්බන්ධයෙන් අප මඩකලපුවේ මාධ්‍යවේදින්ගෙන් විමසා සිටි අවස්ථාවේ ඔවුන් ප්‍රකාශ කර සිටියේ මෙම සම්ප්‍රදායික හින්දු චාරිත්‍රය දෙමව්පියන් අහිමිවුවන් විසින් පවත්වනු ලබන අතර , අදාල සෞඛ්‍ය බලධාරින් මෙන්ම පොලිසියද මෙම අවස්ථාව පාලනය කිරිමට උපදෙස් ලබාදෙමින් නිරික්ෂණ කටයුතු සිදුකරමින් තිබුණද කෝවිලේ ආගමික වතාවත් වලින් පසුව කෝවිල අසල පිහිටි ගගට විශාල පිරිසක් ස්නානය සදහා සෞඛ්‍ය නිති රිති කඩකරමින් බැස ඇති බවය.

මේ වන විට කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කළ නොහැකි ආකාරයෙන් රට තුළ වේගයෙන් පැතිරීයාමේ තත්ත්වයක් තුළ මෙවැනි උත්සවයක් පැවැත්වීමට අවසර ලැබු‌නේ කෙසේද යන්න පවා සැබැවින්ම ගැටළු සහගතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article