Monday, May 20, 2024

කොරෝනා ජරමර අස්සේ රුසියානු සංචාරකයන් පිරිසක් ලංකාවට

Must read

අද රටේ හැමදෙනාගේම ප්‍රධාන මාතෘකාව බවට පත්ව ඇති කොරෝනා වසංගත තත්වය දිනෙන් දින උත්සන්න වෙමින් තිබියදි උදයංග වීරතුංග මහතා සිය Facebook ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, රුසියානු සංචාරක බුබුළ- සංකල්පය මත මොස්කව් නගරයේ සිට ඊයේ(08) පෙරවරු 6.10ට අදාළ ගුවන් යානය මෙරටට පැමිණ ඇතැයි යනුවෙන් නිව්ස් ෆස්ට් වෙබ් අඩවිය වාර්තා කර ති‌බේ.

ලෝක වසංගත තත්ත්වය හමුවේ මෙරට සංචාරක කර්මාන්තය යළි සක්‍රීය තත්ත්වයට පත් කිරීම සඳහා රජය සූදානම් බව උදයංගගේ එම සටහනේ සඳහන් ය.

ශ්‍රී ලංකාවට පැමිණීමේදී ඇති නිර්දේශ මෙන්ම වීසා නිකුත් කිරීමේ ක්‍රමවේද පහසු විය යුතු බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පසුගිය සතියේ සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ අංශ සමග පැවති සාකච්ඡාවකදී පැවසු බව ද උදයංග වීරතුංග මහතාගේ Facebook සටහනේ වැඩිදුරටත් සඳහන්ව ඇතැයි නිව්ස් ෆස්ට් පුවත වැඩිදුරටත් දක්වා ඇත.

උදයංග වීරතුංග මහතා මීට පෙර අවස්ථා කිහිපයකදීම යුක්රේන සංචාරකයින් ද මෙරටට රැගෙන ආ අතර ඒ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකම විවාදාත්මක තත්ත්වයක් ද ඇතිවිය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article