Wednesday, May 8, 2024

මට උඹට සමුදෙන්න බැරි මට උඹ නිව්ස් එකක් විතරක්ම නොවුන නිසා-

Must read

දළ පුටටුවා

කොතරම් අකමැති වුවද සද්දන්ත කුලේ ඒ අපුර්වතමයාගේ සමුගැන්ම පිලිගැන්මට සිදුව ඇත…

උස අඩි 9 1/2ක් වයස අවුරුදු 52ක් වු ගල්ගමුවේ දල පූට්ටුවා මෙරට කුංචනාද වංශකතාවේ දල පුට්ටු ආඩම්බරකාර සමාජිකයින් සිව් දෙනා අතර එක් අයකු වු බව අපි නොදන්නවා නෙමේ….
උඹව මේ රටේ ප්‍රසිද්ධ වුනේ 2011දි ඔක්තොබර් මාසේ එදා උඹේ උපන් භූමියෙන් පිටමං කරලා මාසයකුත් දවස් 10කට පස්සේ උ ඹ අපිව හොයං එනවා ඒ දඹුල්ල කැකිරාව ප්‍රධාන පාරේ තිබුන වාහන49කට පහර දෙනවා.නිවාස කිහිපයකට හානි කරනවා.උපන් ගම හොයං එන ගමනේ දී උපන් බිමෙන් පිටමං කරපු තරහට එහෙම කරපු උඹව පණ වගේ රැක්ක රැහේ සමාජිකයෝ උඹව පිලිගන්න කලාවැවේ ඉස්මත්තේ හිටිය හැටි මට නම් තාම මතකයි.
ඒ වෙනකොටත් උඹේ ශරිරිරේ වෙඩි උණ්ඩ බොහොමයක් තිබුන බව අපි දන්නවා.බොහො දුර ඉදන් 2011දි අපිව හොයන් ආවේ එක් ඇහැකින් කියලත් අපි දන්නවා

උඹ කොහේ හිටියත් මිනිස්සු උඹ ගැන අපිට කිව්වා.මුල් කාලේ හිතුවක්කාරයෙක්.වුනත් වයසත් එක්කද මන්දා උඹ පහු ගිය කාලේ බොහොම අහිංසක සතෙක්..මම උඹව අවසන් වතාවට දකින්නේ පහු ගිය සැප්තැම්බරයේ …..ගොජරග්ග්ම වෙල් යායේ අපුරුවට තල් ගෙඩි කකා හිටපු උඹේ අරක්ෂාවට එදත් රැහේ උන් දෙන්නා පේන නොපෙනෙන මානයේ හිටියා

උඹ පාපතරයින්ගේ ගොදුරක් බවට පත් වුනේ අපේ වරදින් කියලයි මට හිතෙන්නේ.අපේ කියන එක ඇතුලේ මේ රටේ බලධාරින් වගේම සාමන්‍ය ජනතාවත් ඉන්නවා
උඹ ව රටේ ජාතික වස්තුවක් වුනාට ඇහැක් නොපෙනෙ අනිත් ඇහැත් නොපෙනි යන උඹව ආරක්ෂා කර ගන්න මේ රටේ වැඩ පිලවෙලක් තිබුනේ නැ..අඩුම තරමේ උඹව නිරික්ෂණ කරන්න පුලුවන් කරන්න තාක්ෂය තියෙන කරපටියක් වත් උඹේ කරේ තිබුනා ……එහෙම නැතිනම් උඹව තැනක රදවලා අවශ්‍යතා සැපයුවා නම් උඹ අපි තාමත් අපි එක්ක..
..අවොතින් යා යුතුය
නොගොසින් යලි එනු බැරිය…යයි කියලා මට උඹට සමුදෙන්න බැරි මට උඹ නිව්ස් එකක් විතරක්ම නොවුන නිසා..
නුබට වින කැටු උපන්නේ අපේ කුලයේය.උඹේ රැහේ වුන් උඹව රකි ද්දි අපේ උන් උඹව මරා ගත්තේ…..

අවසන මම උඹෙන් ඉල්ලන්නේ එකම දෙයයි..ඉපදියන් මිනිසත් කුලේ..යන්නට අපි නිවන් පුරේ…
මානෙල් පි හේවගේ .ගල්ගමුව

Image may contain: nature and outdoor
Image may contain: outdoor
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article