Monday, May 20, 2024

බුද්ධි අංශ නිලධාරීන් බව පවසමින් වාහන පරීක්ෂා කල දෙදෙනෙක් අත්අඩංගුවට

Must read

බුද්ධි අංශ නිලධාරීන් බව කියමින් මීගහතැන්න ගොරකා දූව පහේ කනුව ප්‍රදේශයේ දී වාහන පරීක්ෂාවේ යෙදී සිටි යුද හමුදා සෙබලෙකු හා තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට මීගහතැන්න පොලීසිය ඊයේ  (18) කටයුතු කර ඇත.

මෙසේ අත්අඩංගුවට ගත් හමුදා සෙබලා කොම්පඤ්ඤ විදිය හමුදා කඳවුරේ රියදුරෙක් බවත් එහි සේවය කරන බිගේඩියර් වරයකුට අයත් නෙළුව ප්‍රදේශයේ වත්තක සේවය කරන්නෙක් බවත් අනෙක් සැකකරු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවත් පරීක්සණ වලදී අනාවරණය වී ඇත.

සැකකාර හමුදා සෙබළා සන්තකේ හමුදාවෙන් නිකුත් කළ හැඳුනුම්පත් තුනක් , රුපියල් 20,000  මුදලක් ඇතුළු තවත් ලිපි ලේඛන රැසක්ද සොයා ගැනීමට පොලිසියට හැකි වී තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article