Friday, May 3, 2024

බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට එක්විමට සිටි විපක්ෂයේ 15 පැමිණ නෑ !

Must read

බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදී අදහස් දැක්වීමට නම් කෙරුණු ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභාගර්භයේ නොසිටීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ විසින් පසුගිය දිනකපස්වරු 4 දක්වා කල් තබා තිබුණි.

විවාදයේදී අදහස් දැක්වීමට නියෝජ්‍ය කතානායකවරයා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පහළොස් දෙනෙකුගේද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් හය දෙනකුගේද නම් අඩ ගැසුවද ඒ එකම මන්ත්‍රීවරයෙකුවත් සභාගර්භයේ සිටියේ නැත.

ඒ අනුව නියෝජ්‍ය කතානායකවරයා විසින් සභාවේ කටයුතු මෙසේ තාවකාලිකව අත්හිටවනු ලැබ තිබුණි.

වොයිස් කට් විපක්ෂය මන්ත්‍රීලා ආණ්ඩු පෙරලන හැටි ආණ්ඩු හදන හැටි,සහ ආර්ථිකය ගොඩදාන හැටි ගැන බෙරිහන් දුන්නද බැංකු ක්⁣ෂේත්‍රය වැදගත් කරුණක් සම්බන්ධයෙන් වු විවාදයට එක්විම මගහැරිම සැබැවින්ම ගැටළු සහගතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article