Wednesday, May 1, 2024

අරගලය හරහා සජබට  ගිය දමිතා මුදල් වංචාවක් හේතුවෙන් අත්අඩංගුවට

Must read

ප්‍රවීණ රංගන ශිල්පී දමිතා අබේරත්න මහත්මියව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ . ඒ විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා අද (04) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබුණ අවස්ථාවේදිය

කොරියාවට යවන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කළ බවට පරිගණක අපරාධ කොට්ඨාසය විසින් ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය සහ ඇයගේ සැමියාට එරෙහිව විමර්ශන ආරම්භ කර තිබු අතර ඊයේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇයට සහ සැමියාට එරෙහිව විදෙස් ගමන් තහනමක්ද පනවනු ලැබ තිබේ

අතුරුදන් වී සිටි බව පැවසූ ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා අද (04) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබෙනේ , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඔවුන්ට එරෙහිව විමර්ශනයක් සිදුකෙරන සහ පසුබිමකය

මේ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබුණේ දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා සැකකරුවන් ලෙස නම් කරන බවයි.

එහිදී ඇය අදහස් දැක්වූයේ මෙලෙසින්,

“මම හැංගුනේ නැහැ. මේ රටේ හැංගෙන්න පුළුවන් චරිතයක් නෙමෙයි මේ දමිතා. දමිතා කියන්නේ 69 ලක්ෂයක් ඡන්දෙ ගත්තු ඒ කාලකන්නි ක්‍රමයට එරෙහිව අරගල කරපු ගැහැණියක්. මම අද අධිකරණයට භාර වෙනවා. ඔය පොහොට්ටුව ඇතුළු දේශබන්දු මේ සිඟිති ආතල් එක ගන්න. මමත් අවුරුදු සමරනවා හිරගෙදර. “

 

දමිතාල වැනි තවත් බොහෝ අය අරගලයට සම්බන්ධ වන්නේ අරගලය වඩාත් ශක්තිමත් ලෙසින් ගොඩනැගෙමින් පවතින පසුබිමකය. එහිදි ඇය හැසිරි තිබුනේ තමන් දැවැන්ත අරගලකාරියක ලෙසිනි. ඇය වැනි චරිත ගැන කල්ඇතිවම දේශපාලන කියවිමක යෙදුන අය ඉතා පැහැදිලි පවසා  තිබුනේ මේ නම් හැරෙන්නේ පොල්පැලය කන්නට බවය.

අරගලය තුල කදිම රගපෑමක් කළ ඇය අවසානයේ නැවතුනේ සජිත් ප්‍රේමදාස ලගය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article