Sunday, June 16, 2024

බ්‍රම්බඩි සමුල ඝාතනයේ 35 වන සැමරුම කොකුවිල් හිදි පැවැත්වුණි

Must read

බ‍්‍රම්බඩි සමූල ඝාතනයේ 35 වැනි සැමරුම අද බදාදා යාපනය කොකුවිල් ප‍්‍රදේශයේදී පැවැත්විණි. සංහාරයෙන් මියගිය අයගේ ඥාතීන් සහ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ගෞරව දැක්වීම සඳහා සංවිධානය කර තිබූ ගුණානුස්මරණ අවස්ථාවට විශාල පිරිසක් එක්ව සිටි බව අප වාර්තාකරුවෝ පවසා සිටිති

 

1987 දී සාම සාධක හමුදාවේ මුවාවෙන් යාපනයට පැමිණි ඉන්දීය සෙබළුන් විවිධ සංහාරයන් කළහ. 1987 ඔක්තෝබර් 11 සහ 12 යන දෙදින තුළ කොකුවිල්, බ්‍රම්බාඩි ප්‍රදේශයේදී  වෙඩි තබා සිවිල් වැසියන් 50කට අධික පිරිසක් මහමගදී ඝාතනය කරන ලදී. සාම සාධක හමුදාවක් ලෙස පැමිණි ඉන්දීය හමුදාව විසින් දෙමළ ජන සංහාරයේ පළමු සිදුවීම ලෙස බ්‍රම්බඩි සංහාරය වාර්තා විය. මෙහිදී බ‍්‍රම්බඩි හන්දියේ ජීවිත අහිමි වූවන් සිහිකර කුඩා  ස්මාරකයක්ද  ඉදිකරන ලදී. ස්මාරකය අභියසදී අද සමරු උත්සව පැවැත්විණි.

 

නිදර්ශණ් විනෝද්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article