Saturday, May 18, 2024

බහුජන අරගල කරන්න සජිත් දන්නවද ?

Must read

පෙරටුගාමි පක්ෂය ප්‍රමුඛ දේශපාලන කණ්ඩායම් විවිධ බලවේග නොවැම්බර් 02 වෙනිදාට කොළඹට තවත් විරෝධාතවයක් කැදවා ඇත.
මතුවෙමින් එන අර්බුදකාරි තත්වය හමුවේ එයට මුහුණ දිම සදහා පුළුල්ම බහුජන පෙරමුණක් ගොඩනැගිම අනිවාර්යය තත්වයකි.
එහි අඩුවකට ඇත්තේ දකුණේ බොහෝ පෙරමුණ කදවුරු බලවේග , දකුණ පමණක් කේන්ද්‍රකොට ගෙන ඒ දේශපාලන සටන්පාඨ මත පමණක් ගොඩනැගෙමින් තිබිමය.

කෙසේ වෙතත් නොවැ 02 අරගලය වෙනුවෙන් කැදවා තිබුන ඒ සාකච්ජාව ඉතා වැදගත්ය.

ඒ සදහා සමගි ජනබලවේගයද එක්ව තිබේ
සජිත් ප්‍රේමදාසද ඊට එක්ව සිටින ඡායාරූප පළව තිබිණ.

ලංකාවේ ක්‍රියාත්මක වු ඉතාමත් තිරාණාත්මක බහු ජන අරගල වලදි සජිත් ප්‍රේමදාස හැසිරුණු ආකාරය මෙහිදි යළිත් මතක් කර ගැනිම ඉතාමත් වැදගත්ය.

ලසන්න වික්‍රමතුංග ඝාතනයෙන් පසු මෙරට ප්‍රජාතන්ත්‍රවාදය යළි රටතුල ස්ථාපිත කරගැනිම වෙනුවෙන් පෙළ ගැසුනු පුළුල්ම බහුජන පෙරමුණ වු නිදහසේ වේදිකාවට කිසිදු සහයක් සජිත්ගෙන් ලැබුනේ නැත.
කොටින් කියන්නේ නම් ඔහු නියෝජනය කරන හම්බන්තොටදි නිදහසේ වේදිකාවේ රැස්විමක් තබාගැනිම පවා අපහසුවි තිබුනේ ඒ පළාත නියෝජන කරන ඇතැම් එජාප මන්ත්‍රිලාට පවා සජිත්ගෙන් විවිධ බලපැම් එල්ල වි තිබිම නිසාය.

රාජපක්ෂලා පලවා හැර 2015 දි යහපාලන ආණ්ඩුව පිහිටුවිම සදහා රටපුරා ක්‍රියාත්මක වු නිදහසේ වේදිකාවට කිසිදු සහයක් සජිත්ගෙන් ලැබුනේ නැත.

මෙහිදි අනිවාර්යෙන්ම මතු කළ යුතු අනික් වැදගත්ම ජන අරගලය වු 2018 මෛත්‍රි රාජපක්ෂ ව්‍යවස්ථා කුමන්ත්‍රණය පරාජය කිරිමේ පුලුල් අරගලයේදි පවා සජිත් ප්‍රේමදාස කිසිදු සක්‍රිය දායකත්වයක් ලබා දි තිබුනේ නැත.

දැන් රටතුල පළල් පොදු ජන පෙළගැස්මක් හදන්න යන්නේ එවැනි නායකයෙකු ද මැදිකර ගෙන නම් ඊට අවංකව ම වෙහෙසන සැම ඉතා කල්පනාකාරි විය යුතු ව තිබේ. මන්ද සජිත්ට ඇත්තේ බහුජන අරගල සම්ප්‍රදායට එරෙහිව ගිය ඉතිහාසයක් බැවිනි

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article