Tuesday, September 15, 2026
spot_img

පොලීසිය හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර වෙඩි හුවමාරුවකින් මාකදුරේ මධූෂ් මරුට

Must read

මාලිගාවත්ත නිවාස සංකීර්ණයකදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා පොලීසිය අතර සිදුවූ වෙඩි හුවමාරුවකින් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකදුරේ මධූෂ් මියගොස් ඇති බව වාර්තා වෙයි

මාලිගාවත්ත නිවාස සංකීර්ණයේ සඟවා තිබූ මත්ද්‍රව්‍ය කිලෝ 22ක් සොයා කළ සෝදිසි මෙහෙයුමක් අතර මෙම  සිදුවූ වෙඩි හුවමාරුවක සිදුව ඇත්තේ අද (20) අලුයමදීය.

අනතුරුව එම ස්ථානයේ සිදුකළ සෝදිසියෙන් කෝටි 22ක් වටිනා මත්ද්‍රව්‍ය කිලෝ 22ක්, පිස්තෝල දෙකක් සහ යතුරුපැදියක් සොයාගෙන තිබේ.

වසර ගණනාවක් ඩුබායිහි රැඳී සිටි මාකඳුරේ මධුෂ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බුද්ධි මෙහෙයුමකින් අනතුරුව පසුගිය වසරේ දී මෙරටට රැගෙන එන ලද අතර වසර 1 1/2කට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටි මාකඳුරේ මධුෂ් පසුගිය සිකුරාදා (ඔක්තෝබර් 16)  වැඩිදුර පරික්ෂණ සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දුනි.

වෙඩි හුවමාරුවෙන් CCD නිලධාරින් දෙදෙනෙකුට තුවාල සිදුවී තිබේ.

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article