Monday, May 20, 2024

පොලිස් තහංචි නොතකා සිදුකළ වෙඩුකුනාරිමලේ වන්දනාව

Must read

හින්දු ජනතාවගේ ප්‍රධානතම  වන මහාශිවරාත්‍රී ව්‍රතයට සහභාගී වීම සඳහා වවුනියාව වෙදුකුනරිමලෙයි ආදිලිංගේෂ්වරර් විහාරස්ථානයට පැමිණි ජනතාවට පසුගියදා  ශ්‍රී ලංකා ආරක්ෂක අංශ බාධා කර තිබේ.

ශිවරාත්‍රී දින යාඥා කිරීමට යමින් සිටි මහජන නියෝජිතයින්, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, හින්දු ආගමික නායකයින් සහ මහජනතාවට ඔලමඩු – වේලඩි හන්දියේදී හමුදාව සහ පොලිසිය විසින් කෝවිලට ඇතුළුවීම වළක්වාලනු ලැබිණී.

කෙසේ වෙතත් පසුගිය වසරේ වන්දනාමාන කටයුතුවල නිරතවීමට අධිකරණය අවසර ලබාදුන් බව මහජන නියෝජිතයින් පෙන්වාදීමත් සමඟ එම අවසරය ලබාදුන් පොලීසිය වාහනවලින් විහාරස්ථානයට යාමට අවසර ලබාදීම ප්‍රතික්ෂේප කළා.

ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේ විහාරස්ථානයට යන ප්‍රධාන මාර්ගය පොලිසිය විසින් අවහිර කර තිබූ අතර පොලිස් පරීක්‍ෂණවලින් අනතුරුව ප්‍රදේශවාසීන්ට පමණක් ඇතුළුවීමට අවසර දුන් බවයි.

ඔලමඩු – වේලඩි හන්දියේ සිට කිලෝමීටර් 10 ක පමණ දුරක් පා ගමනින් විහාරස්ථානය වෙත ළඟා වූ ජනතාව යාඥා කරමින් අද රාත්‍රියේ ශිවරාත්‍රී ව්‍රත උත්සව පැවැත්වීමට ද කටයුතු යොදා ඇති බව ප්‍රාදේශීය මාධ්‍යවේදීන් පවසයි.

මේ හේතුවෙන් බැතිමතුන් පානීය ජලය සහ පුද පූජා ද්‍රව්‍ය රැගෙන කිලෝමීටර් ගණනක් දැඩි හිරු රශ්මිය මධ්‍යයේ ගමන් කළ බව ප්‍රාදේශීය මාධ්‍යවේදීන් පවසයි.

විහාරස්ථානය අවට පොලිසිය, විශේෂ මෙහෙයුම් බළකාය සහ යුද හමුදා නිලධාරීන් යොදවා තිබිණි.

මේ අතර, ඊයේ (මාර්තු 07) රාත්‍රියේ ශිවරාත්‍රී දින උත්සව සඳහා කටයුතු සූදානම් කිරීමට ගිය විහාරස්ථානයේ පූජකවරයා ඇතුළු දෙදෙනෙකු නැදුන්ගේනි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රාදේශිය මාධ්‍යවේදීන් පවසන පරිදි පූජක තම්පිරාසා මධිමුඛරාසා සහ මාධ්‍යවේදී තවරාසා කලෙයිචෙල්වන් යන අය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මහාශිවරාත්‍රී දිනය නිමිත්තෙන් පසුගිය සති අන්තයේ වෙඩුකුනරිමලේ විශේෂ පූජාවන් පැවැත්වීමට විහාරස්ථානයේ පාලනාධිකාරිය කටයුතු යොදා තිබුණි.

තම උත්සාහයට පොලිසියෙන් බාධා එල්ල වූ බව පවසමින් විහාරස්ථාන පාලනාධිකාරිය වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ගොනු කර තිබුණා.

එය පසුගිය අඟහරුවාදා (මාර්තු 05) විභාගයට ගත් අධිකරණය, වෙඩුකුනරිමලේ විහාරස්ථානය සම්බන්ධයෙන් දැනටමත් අධිකරණය ලබා දී ඇති නියෝගයට අනුව කටයුතු කරන ලෙස විහාරස්ථානයේ පාලනාධිකාරියට නියෝග කළේය.

ඉන් අනතුරුව ඊයේ සවස ශිවරාත්‍රී දින සුදානම සඳහා නගුල පදවාගෙන යමින් සිටියදී නැදුන්ගේනි පොලිසිය විසින් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

මතභේදයට තුඩු දී ඇති වෙඩුකුනරිමලේ ආදි ශිව කෝවිලේ පුද පූජා පැවැත්වීමට පසුගිය වසරේ වවුනියාව අධිකරණය අවසර ලබාදී තිබුණා.

නාඳුනන පුද්ගලයින් විහාරස්ථානයේ පිළිමවලට හානි කිරීමේ සිද්ධියට අදාළ නඩුව පසුගිය වසරේ අප්‍රේල් 27 වැනිදා වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේදී පුරාවිද්‍යා සංකේතවලට හානි නොවන පරිදි වන්දනාමාන කටයුතුවල නිරතවීමට විනිසුරු දේවරාසා සුබාජිනී අවසර ලබාදී තිබුණා.

 

 

 

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article