Thursday, September 24, 2026
spot_img
spot_img
spot_img
spot_img

පූගොඩ පොලීසිය අත්අඩංගුවට ගත් තරුණයෙක් රාගම රෝහලේදී මියයයි

Must read

පූගොඩ පොලීසිය විසින් සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයෙක් හදිසියේ අසනීපවී රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ පසුගිය 11 වනදා අත්අඩංගුවට ගත් 21 හැවිරිදි තරුණයෙක් වන අතර එම තරුණයාගේ මරණය සම්බන්ධයෙන්  විශේෂ විමර්ශනයක් සිදුකරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා නියෝග කර තිබේ.

ඒ අනුව, කොළඹ අශ්වාරෝහක කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ ප්‍රධානත්වයෙන් එම පරික්ෂණ කටයුතු සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

එම විමර්ශනයේදී පූගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා හෝ එම පොලිස් ස්ථානයේ නිළධාරින් අනිසි ලෙස කටයුතු කර ඇති බවට අනාවරණය වුවහොත් ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසුවේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article