Friday, January 10, 2025

පිහිනුම් පුහුණවීමට ගිය දරුවන් 5 දෙනෙකුට ස්වසන අපහසුතා ඇතිවිමෙන් රොහල් ගත කෙරේ.

Must read

CR&FC පිහිනුම් තටාකයේ පිහිනුම් පුහුනුවීම සදහා පැමිණි දරුවන් 5 දෙනෙකුට ස්වසන අපහසුතාවයක් ඇති වීමෙන් පසුව රෝහල් ගතකිරීමේ පුවතක් වාර්තා වෙයි. මින් දරුවන් 4 දෙනෙකු ප්‍රතිකාර ලබා රෝහ⁣ලෙන් පිටව ගොස් ඇති අතර එක් දරුවෙකු කොළඹ ජාතික රොහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.

පසුගිය මැයි 12 වනදා ඇති වූ මෙම සිදුවීම සම්බන්දයෙන් කුරුදුවත්ත පොලීසිය විසින් පිහිනුම් තටාකයේ කළමණාකරු හා එය භාර පුද්ගලයා අධිකරණයට ඉදිරිපත කර තිබිණි. එහිදී පොලීසිය විසින් අධිකරණයට දන්වා සිටියේ පිහිනුම් තටාකය භාර පුද්ගලයා විසින් නියමිත ප්‍රමාණය ඉක්මවා තටාකයට ක්ලෝරින් එක්කර ඇතිබවයි. ඒ අනුව අධිකරණය විසින් පිහිනුම් තටාකය භාර පුද්ගලයා ලබන 27 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කල අතර පිහිනුම් තටාකයේ කළමණාකරු රුපියල් ලක්ෂ 3ක පුද්ගලික ඇප 2ක් මත නිදහස් කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article