Friday, May 17, 2024

පැතිර යන පැපොල රෝගය නිසා කිලිනොච්චියේ ගවයින්ගේ ජීවත අවධානමක

Must read

කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ගවයින් අතර පැතිර යන රෝගී තත්වයක් හේතුවෙන් ගවයින් 30 කට වැඩි ප්‍රමාණයක් මේ දිනවල මියගොස් ඇති බව කිලිනොච්චිය ගොවි ජනතාව පවසයි.
ගොවි ජනතාව පවසන ආකාරයට ගවයින්ගේ ශරීරය පුරා ගෙඩි දමන අතර, අදාළ ගෙඩි පුපුරා තුවාල ඇති වි ඇතැම් ගවයින් මියයමින් සිටිති.
කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශයේ දේශීය ලේකම් කොට්ඨාශ හතර තුළ ගවයින් 250 කට වැඩි ප්‍රමාණයකට අදාළ රෝගය හටගෙන ඇති අතර,අදාළ සංඛ්‍යාව නිසි ගණනයක් සිදුකොට නොමැති බැවින් රෝගයට ගොදුරු ගවයින් ප්‍රමාණය තවත් ඉහළ යා හැකි බවද ගොවි ජනතාව සඳහන් කළහ.
දිස්ත්‍රික් පශූ වෛද්‍ය නිළධාරීන් ගොවි ජනතාවට සඳහන් කොට ඇත්තේ ගවයින්ට හටගන්නා පැපොල රෝගී තත්වයක් දිස්ත්‍රික්කයේ ක්‍රමයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවයි.
ගවයින් අතර පැතිර යන රෝගී තත්වයට ලබාදෙන බෙහෙත් පශූ වෛද්‍ය කාර්යාල තුළ ප්‍රමාණවත්ව නොමැති බවද ගොවි ජනතාව පැවසූහ.
පසුගිය සමයේ හටගත් අධික සීතල කාළගුණ තත්වයකින් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ගවයින් 3000 කට ආසන්න ප්‍රමාණයක් මියගියහ.
ගවයින්ගේ ශරීර පුරා ගෙඩි හටගෙන ඇති අයුරු,ගවයින් මියගොස් ඇති අයුරු ඡායාරූප වල දක්වා ඇත.

තමරලිංගම් පරමශිවම්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article