Sunday, May 5, 2024

”පා.මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් අත්අඩංගුවට ගත් අකාරය සංහිදියාවට බාධාවක්” – හරිනි අමරසූරිය (ජවිපෙ)

Must read

 

දෙමළ ජාතික ජනතා පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ පොලිස් නිලධාරීන් අතර යාපනයේ -මරදන්කර්නි ප්‍රෙද්ශයේදී  ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් කටඋත්තර ගැනීම සදහා ඊයේ උදේ ඔහුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අතර ඔහුව කිලිනොච්චි පොලිසියේ රඳවා තබාගෙන අද උදෑසන කිලිනොච්චිය අධිකරණය වෙත ඉදිරිපත් කර ඔහුට ඇප ලබාදී තිබේ.  මෙම අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ නියෝගයක් නොතිබූ බව ඊයේ අලුයම ගජේන්ද්‍රකුමාර් මන්ත්‍රීවරයා ප්‍රකාශයක් සිදුකරන ලදි. අද උදෑසන  අධිකරණයෙන් ඇප ලබාගැනීමෙන් පසු මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවට සහභාගී වෙමින් විශේෂ ප්‍රකාශයක සිදුකරන ලදී. මේ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී ජනතා විමුක්ති පෙරමුනේ පා.මන්ත්‍රී හරිනි අමරසූරිය විසින් ප්‍රකාශයක් සිදුකළ අතර එහිදී ඇය කියා සිටියේ ගජේන්ද්‍රකුමාර් මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීම සම්බන්ධයෙන් විරෝධයක් නොමැති වුවත් ඔහුව අත්අඩංගුවට ගැනිමේ ක්‍රියාවලිය ප්‍රජාතන්ත්‍රවාදී නොවන අතර එම සිදුවීම නිසා මේ රටේ නීතිය ක්‍රියාත්මක වන ආකාරය ගැන ගැටලුවක් මතුවන බවයි. තවදුරටත්  කතා කරමින් හරිනි අමරසූරිය මන්ත්‍රීවරිය විසින් එම ක්‍රියාවලිය විවේචනය කරන ලදී.

” ගරු ගජේන්දුන් පොන්නම්බලම් මන්ත්‍රීතුමාගේ සිද්ධිය පිළිබදව විමර්ශනයක් කරන එක ගැන අපේ විරෝධයක් නෑ. නමුත් ඊයේ  දිනයේදී ඔහුව අත්අඩංගුවට ගන්න ගිය ක්‍රියාවලිය අතිශයින්ම වැරදියි. අපි මොකක්ද ජනතාවට දෙන පණිවිඩය. දෙමළ ජනතාවට මොකක්ද දෙන පණිවිඩය. අපි එක පැත්තකින් කතාකරනවා සාමය සහ සංහිදියාව ගැන. දෙමළ ජනතාවගේ නියෝජිතයින් ට අපි සලකන්නේ මේ විදිහට නම දෙමළ ජනතාව මේ රටේ නීතිය හා සාධාරණත්වය ගැන  විශ්වාසයක් ගොඩනගාගන්නේ මොන ආකාරයටද ? මේක බරපතල ප්‍රශ්නයක්. වැරදිකරන සියලු දෙනාටම අපි එක හා සමානවද සලකන්නේ ? මේ පාර්ලිමේන්තුව තුළම පහුගිය සති දෙක තුනම අපිට පෙනුනා ඒ වෙනස. විපක්ෂයේ  මන්ත්‍රීවරුන්ට සලකන විදිහයි,ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට සලකන  විදිහයි. ”

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article