Saturday, May 18, 2024

‘ඉඩම් මාෆියාව පිටුපස සිටින්නේ කවුද ?’ – පරිසර දිනය වෙනුවෙන් වාකරේදී පරිසරය රැකිමට විරෝධතාවක්

Must read

 

ජාත්‍යන්තර පරිසර දිනය නිමිත්තෙන් වාකරෙයි ප්‍රදේශයේ ස්වභාවික සම්පත් සූරාකෑම නැවැත්වීමේ විරෝධතා රැළියක් අද (8) වාකරෙයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පැවැත්විණි.
පාරිසරික යුක්තිය සඳහා වූ ජනතා එකතුව විසින් සංවිධානය කරන ලද ඉහත විරෝධතා රැලියට වාකරේ කලාපයේ විවිධ ප්‍රදේශවලින් ජනතාව සහභාගී වූහ.
අද (8) පෙරවරුවේ කණ්ඩලඩි මාවීර් තුයිලුම්ගේ නිවස ඉදිරිපිටට රැස්වූ ප්‍රදේශවාසීහු තම අත්වල ලියූ සටන් පාඨ රැගෙන වාකරේ තිරුමාල මාර්ගය ඔස්සේ කිලෝමීටර් 2ක් පමණ දුරක් පා ගමනින් ගියහ.
‘වගකිවයුතු නිලධාරීන් වගකීමෙන් කටයුතු කළ යුතුයි.’ ඉඩම් මාෆියාව පිටුපස සිටින්නේ කවුද? ‘සම්පත් සූරාකෑමට එරෙහිව රජය නීති ක්‍රියාත්මක කරයි.’ ‘දෙවියන් වහන්සේ දුන් සම්පත් සූරා කෑ මුන් කවුද? ‘අපේ සම්පත් ඔබේ ජීවනෝපාය සඳහා ගසාකන්න එපා,’ ‘අපි සොබා දහම විනාශ කළොත්, ස්වභාවධර්මය අපිව විනාශ කරයි’, ‘අපේ අනාගත නිදහස වෙනුවෙන් ස්වභාවධර්මය සුරකිමු.’ සම්පත් අධික ලෙස ගසා කෑමට අවසර දුන්නේ කවුද? ‘දුප්පතුන්ගේ ජීවිත විනාශ කරන්න එපා, සම්පත් සූරාකන්න එපා’ වැනි සටන් පාඨ ඇතුළත් පුවරු ඔවුන් රැගෙන ගියහ.
විරෝධතා රැළිය අවසානයේ වාකරේ කදිරවේලි ප්‍රදේශයේ සිදුකිරීමට නියමිත ඉල්මනයිට් කැණීමේ බලපෑම, ඉස්සන් ගොවිපළක් ආරම්භ කිරීමේ , අනවසර වැලි ගොඩදැමීම සම්බන්ධව  ඉල්ලීම් එහි රැස්ව සිටි ජනතාව අතරේ කියවන ලදී.
පසුව ස්වභාවික සම්පත් සූරාකෑම නතර කරන ලෙස ඉල්ලා සිටි මගජාර් ප්‍රාදේශීය ලේකම්, රජයේ ජනාධිපතිවරයා සහ නැඟෙනහිර ආණ්ඩුකාරවරයා වෙත ඉල්ලීමක් කරමින් විරෝධතා රැලිය වාකරේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් ජී.ප්‍රනවන් වෙත භාර දෙන ලදී.
එම ඉල්ලීම ඇතුළත් ලිපිය ලැබුණු සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා මින් ඉදිරියට මෙවැනි ක්‍රියා සිදු නොවීමට ඉහළ බලධාරීන්ගේ අවධානයට යොමු කරන බව පිළිතුරු දුන්නේය.
වාගරෙයි ප‍්‍රදේශයේ ඉල්මනයිට් කැණීම් කර ඉස්සන් ගොවිපළක් පිහිටුවීමේ උත්සාහය සම්පූර්ණයෙන්ම නතර වී නැත.ඉහත ව්‍යාපෘති නතර කිරීමට ප‍්‍රදේශවාසීන්, සිවිල් සංවිධාන සහ සමාජ ක‍්‍රියාකාරීන් දිගින් දිගටම අරගල කරන අතරවාරයේ ඇතැම් බලධාරින් මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීමට උත්සාහ කිරීම විශේෂත්වයකි.

කේ රුද්රන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article