Sunday, May 19, 2024

පාස්පොට් අර්බුදයට උත්තර හොයන්න ඇමතිට පුළුවන් ද ?

Must read

දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50ක ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට අදාළ මූලික පහසුකම් සලසන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අල්ලස් පවසයි.අමාත්‍යවරයා ඒ බව සඳහන්  කර තිබුනේ පසුගියදා  පැවැති මාධ්‍ය හමුවකදි  බව අද දෙරණ වෙබ් අඩවිය වාර්තා කර තිබුණි

E-Passport මේ වසර තුළ නිකුත් කිරීමට බලාපොරොත්තුවන බව ද අමාත්‍යවරයා සඳහන් කළ බව වැඩිදුරටත් එම පුවතේ සදහන්ය

මේ අතර ජාතික හැඳුනුම්පත් ලබාගැනීම සඳහා ද දිවයින පුරා ස්ථාන 5ක් ස්ථාපිත කරන බවද ඇමතිවරයා පවසා ඇත .

මේ අතර ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන සියලුදෙනාට අපහසුතාවයකින් තොරව අවශ්‍ය සේවාව ලබාදීමට මේවන විට කටයුතු යොදා ඇති බව ආගමන විගමන පාලක ජනරාල්, හර්ෂ ඉලුක්පිටිය පවසා තිබේ

පසුගිය (22) මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ පවසා සිටියේ, ගිය සතියේ පැවති තදබදය මේ වනවිට පහව ගොස් ඇති බවය.

මේ අතර සේවාවන් ලබාගැනීමට පැමිණෙන ජනතාව කිසිදු අවස්ථාවක තැරැව්කරුවන්ට හසුවෙන ලෙස කටයුතු නොකරන ලෙස ද ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ වනවිට ප්‍රාදේශීය කාර්යාල තුළ ද එක්දින සේවය ස්ථාපිත කර ඇති නමුත් ජනතාව බොහෝ අවස්ථාවලදී ප්‍රධාන කාර්යාලයට පමණක් පැමිණීම හේතුවෙන් මෙලෙස දැඩි තදබදයක් නිර්මාණය වන බව ද ආගමන විගමන පාලක ජනරාල්වරයා පැවසීය.

“ජනතාවට අතරමැදියන්ට සම්බන්ධවීමට කිසිදු අවශ්‍යතාවයක් නෑ. කෙලින්ම දෙපාර්තමේන්තුවට එන්න. ආපුවහම උදේ පාන්දරම ඒ අයව ගන්නවා. අරගෙන ඒ අයට ටෝකන් එකක් දීලා අදාළ කවුන්ටරයට යොමු කරනවා. දවසේ පැය කිහිපයක් ඇතුළත ඔවුන්ට ගමන් බලපත්‍රය අරගෙන නිවසට යන්න පුළුවන්. ජූනි මාසයේ නව වැඩපිළිවෙල ක්‍රියාත්මක කරාම මම හිතනවා ගෙදර ඉඳලම ඉතාම පහසුවෙන් කෙනෙකුට අපේ කාර්යාලයට ගිහින් ඡායාරූප අරගෙන ඇඟිලි සලකුණු දීලා ගෙදර ඉඳලම එයාට ගමන් බලපත්‍රය ගෙන්වා ගන්න පුළුවන්. එතනදි අපිට අතරමැදියන් සම්බන්ධවෙන එක නවත්තලා හොඳ සේවාවක් දෙන්න පුළුවන් වෙයි
මුලාශ්‍රය – අද දෙරණ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article