Monday, May 6, 2024

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවට ජනපතිට ඇරයුමක් !

Must read

එක්සත් ජාතීන්ගේ 28 වැනි දේශගුණික විපර්යාස සමුළුව හෙවත් කොප් 28 සඳහා සහභාගීවන ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නයන් මහතා ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත ආරාධනා කර ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කර තිබේ

එම ආරාධනා පත‍්‍රය සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ජනාධිපතිවරයා විසින් යොමු කළ ලිපිය ශ‍්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කලිඩ් නසිර් අල්අමෙරි මහතා විසින් ජනාධිපතිවරයා වෙත ඊයේ නිල වශයෙන් භාර දි තිබුණි

සමුළුව සඳහා ලෝක නායකයන්, රාජ්‍ය නියෝජිතයින්, පරිසරවේදීන් සහ විද්වතුන් සහභාගී වන අතරඑ එය නොවැම්බර් මස 30 වැනිදා සිට දෙසැම්බර් 12 වැනිදා දක්වා ඩුබායි හි එක්ස්පෝ නගරයේ දී පැවැත්වීමට නියමිතය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article