Saturday, January 11, 2025

පාස්කු ප්‍රහාර විශේෂ කාරක සභාව හමුවේ ප්‍රකාශයක් ලබාදීමට අගමැති කැදවයි

Must read

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ද විශේෂ කාරක සභාව හමුවේ ප්‍රකාශයක් ලබාදීම සදහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එළඹෙන අගෝස්තු 07 හා 08 යන දෙදින තුල කැදවා ඇති බව වාර්ථා වෙයි. මෙම කාරක සභාව සදහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් සාක්ෂි සටහන් කර ගැනීමටද අවදානය යොමුව ඇති බවත්ඒ සම්බන්දයෙන් ජනාධිපතිතුමන් දැනුවත් කර ඇති බවද වාර්තා වෙයි.එමෙන්ම යම් හේතුවක්හේතුවෙන් ජනාධිපතිතුමන් පාර්ලිමේන්තුවට පැමිණ සාක්ෂි ලබාදීම ප්‍රතික්ෂේප කළහොත් ඔහුගේ නිල නිවසට ගොස් සාක්ෂි ලබාගැනීමට කාරක සභාවේ සාමාජිකයන් තීරණයක් ගෙන තිබේ.

මීට අමතරව අගෝස්තු 06වනදා නීතිය හා සාමය හිටපු ඇමතිවරුන් වන රංජිත් මද්දුම බණ්ඩාර හා සාගල රත්නායක යන මහත්වරුන් සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා මෙම විශේෂ කාරක සභාවට කැදවා ඇතැයි ද වාර්තා වෙයි.

මේ අනුව ලබන මස අවසන් වීමට පෙර පාර්ලිමෙන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්ථාව සකස් කිරීමට හැකිවනු ඇති බවද කාරක සභාවේ සමාජිකයින් පවසයි

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article