Tuesday, September 15, 2026
spot_img

පාස්කු ප්‍රහාරයේ විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා බාර දෙයි

Must read

පාස්කු ඉරිදා  මරාගෙන මැරෙන ප්‍රහාරය සිදුකල බවට චෝදනා ලැබ සිටින නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 25කට එරෙහිව පනවා ඇති නඩුවේ විත්තිකරුවන් 24කට මහාධිකරණය අද(04) අධිචෝදනා බාර දුන්නේය.

එහි 15 වැනි විත්තිකරු  රෝහල්ගත වීම හේතුවෙන් ඔහු අද දින අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැත. සෙසු විත්තිකරුවන්  24 දෙනා අද දින අධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබුණි.

දමිත් තොටවත්ත (සභාපති) අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැදවනු ලබන මෙම නඩුව නොවැම්බර් 23 වැනි දින යළි කැඳවන්නැයි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article