පාස්කු ඉරිදා ප්‍රහාරවලට සම්බන්දව අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට අවශ්‍යව සිටි සැකකරුවන් දෙදෙනෙකු අද (28) අලුයම අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මොහොමඩ් ඉවුහයිම් සාදික් අබ්දුල්හක් සහ මොහොමඩ් ඉවුහයිම් ශාහිඩ් අබ්දුල්හක් යන පුද්ගලයින් බව නාවලපිටිය පොලිසිය පවසයි.
අදාළ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මෙම සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දීමට නියමතය.