Monday, May 20, 2024

පාසල් සිසුන් නොගෙන ගිය බස් රථ ගැන වාර්තා කළ මාධ්‍යවේදියාට මරණ තර්ජන

Must read

පසුගිය දා පැවති සාමාන්‍ය පෙල විභාගය ආරම්භක දවස්වල  පාසල් සිසුන් පටවා නොගත් බස් රථ සම්බන්ධයෙන් වාර්තා කළ මාධ්‍යවේදී ෂන්මුගම් තවසීලන් මහතාට මඩකලපුව, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයෙකු විසින් මරණීය තර්ජන එල්ල කර ඇති බව වාර්තා වේ.

මෙම සිදුවීම සිදුවූයේ මුලතිව් දිස්ත්‍රික්කයේ තුනුකායි අධ්‍යාපන කලාපයට අයත් මාන්කුලම් මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන බනිකන්කුලම් සහ කිහවන්කුලම් ගම්මානවල සිසු සිසුවියන් සම්බන්ධ ප්‍රවෘත්තියක් වාර්තා කිරීම හේතුවෙනි. ඔවුන් වසර ගණනාවක සිට පාසල් යාමට සහ නිවසට යාමට බස් රථ නොමැතිකම හේතුවෙන් පීඩාවට පත්ව සිටි අතර මේ සම්බන්ධව  විවිධ පාර්ශ්වවලට ආයාචනා කළද මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණ කළද මෙතෙක් නිසි විසඳුම් ලැබී නොමැත. මේ අතර පසුගියදා විභාගය පැවති අවස්ථාවේදී සිසුන්ට පාසල් යාමට නොහැකි වූ අතර මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදියා මාර්ගයෙන් මාන්කුලම් පොලිසියට දැනුම් දෙන ලදී.

එදින මෙම බස් රථයේ  රියදුරා පොලිසිය සමඟ බහින්බස් වීමක් ඇතිකරගත් අතර එහිදී යම් ස්ථානයක ප්‍රවෘත්ති එකතු කරමින් සිටි මාධ්‍යවේදියාටද පහරදී තර්ජනය කර ඇත.

මේම සිද්ධියෙන් පසුව  2023.03.15 දින රාත්‍රී 20.47 ට මාධ්‍යවේදී ෂන්මුගම් තවසීලන් මහතාව දුරකථනයෙන් සම්බන්ධ කරගත් මඩකලපුව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයකු මාධ්‍යවේදියාට නරක වචනයෙන් බැණ වදිමින් මරණ තර්ජන කර ඇති  අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යවේදී ෂන්මුගම් තවසීලන් විසින් 2023.03.16 දින මාන්කුලම් පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් ගොනු කර ඇත.

මාධ්‍යවේදීන්ගේ ආරක්‍ෂාව තහවුරු කරන ලෙසත්, මාධ්‍යවේදීන්ගේ සේවය නිසියාකාරව ඉටු නොකර තර්ජනය කරන පුද්ගලයන්ට එරෙහිව නිසි පියවර ගන්නා ලෙසත් ඉල්ලා මෙම පැමිණිල්ල ලියාපදිංචි කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අදාළ පාර්ශවයන් පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියි.

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article