Sunday, May 5, 2024

පාසල් වල ඩෙංගු පරික්ෂා කිරීම හෙට,ඩෙංගු ඇත්නම් විදුහල්පතිවරුන්ට නඩු.

Must read

ඩෙංගු තුරන් කිරීම සදහා පසුගිය දිනවල සිදුකල පාසල් පවිත්‍ර කිරීමේ වැඩපිලිවෙලවල් සම්බන්දයෙන් වාර්ථාවක් සපයන ලෙස ජාතික ඩෙංගු මර්ධන ඒකකයට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසා තිබෙනවා. ඒ අනුව නව පාසල් වාරය පසුගිය අප්‍රේල් 26 වනදා ආරම්භ වූ නිසා අප්‍රේල් 28 හා 29 යන දිනයන් දෙකේදී පාසල් පරික්ෂා කොට මෙම වාර්ථාව තමන් වෙත ලබා දෙන ලෙසයි අමාත්‍යවරයා පවසා ඇත්තේ.

පසුගිය දිනවල අධ්‍යාපන අමාත්‍යංශයේ උපදෙස් වලට අනුව දෙමව්පියන් හා ගුරුවර්න විසින් පාසල් පවිත්‍රකිරීමේ කටයුතු සිදුකර තිබුණා.
ඒ අනුව නැවතත් පාසල් පරික්ෂා කිරීම සෞඛ්‍ය නිලධාරීන්,පොලීසිය හා ත්‍රිවිධ හමුදාවේ සහභාගීත්වයෙන් ඉදිරි දින දෙකේදී සිදුවනු ඇති.එම අවස්ථාවේදී ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන හමුවුවහොත් මාසයක කාලයක් එ ස්ථාන පිරිසිදු කිරීම සදහා ලබා දෙන අතර එම මාසයක කාලය තුලදීත් පාසල් පවිත්‍ර කොට ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීමට අපොහොසත්වන්නේනම් පාසලේ විදුහල්පතිට නඩු පැවිරීමත් මේ අනුව ඉදිරියේදී සිදුවීමට නියමිතය.Anti Dengue

news.lkඇසුරිණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article