Friday, September 20, 2024

පාසල් ආරම්භ කිරීම ජුනි 29 සිට….

Must read

පාසල් නිවාඩු කාලය අවසන් කරමින් ජුනි මස 29දා සිට පියවර 4ක් ඔස්සේ පාසල් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැවෙන විශේෂ මාධ්‍ය සාකච්ඡාව අමතමිනි.

ඒ අනුව,

එහි පළමු ලෙස ජුනි මස 29 වනදා පාසල ආරම්භ වන්නේ විදුහල්පතිවරුන්ට, ගුරුවරුන්ට, අනධ්‍යනය කාර්ය මණ්ඩල සහ පාසල් කළමනාකරණ මන්ඩල සඳහාය.

ඉන් පසු දෙවන පියවර අනුව , ළමුන් සඳහා පාසල් විවෘත වන්නේ ජුලි මස 06වනදා සිටයි.

ඒ අනුව පළමුවෙන් පාසලට පැමිණෙන්නේ 13 වසර 11 වසර සහ 5 වසර සිසුන්ට පාසලට පැමිණිමට අවසර ලැබෙනු ඇති.

එමෙන්ම තෙවන පියවර අනුව ජුලි මස 20වනදා සිට 24වනදා දක්වා පාලසට පැමිණේන්නේ 12 සහ 10 ශ්‍රේණිවල සිසුන් පමණයි.

සිව්වන අදියර ආරම්භ වන්නේ ජුලි 27වදා සිටයි.

එම දිනයේ සිට පාලසට පැමිණේන්නේ 3, 4, 6, 7, 8 සහ 9 වන ශ්‍රේණි සිසුස් පමණයි.

කෙසේ වෙතත් පළමු සහ දෙනව ශ්‍රේණි සිසුන්ට පාලසට පැමිණීම සඳහා තවමත් දිනයක් තීන්දු කර නොමැත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article