Saturday, May 18, 2024

පාර්ලිමේන්තුව වහලම දාන්න කුමන්ත්‍රණ නායකයන් තීන්දුවක් අරගෙන !

Must read

56020_141

කුමන්ත්‍රණ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බලය අහිමිවීමත් සමඟ පාර්ලිමේන්තුව මුළුමනින්ම අස්ථාවර කර වසා දැමීමේ පහත් උත්සාහයක් දියත් වෙමින් ඇති බව වාර්තා වෙයි.

ජනාධිපති සිරිසේන සහ කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති මහින්ද රාජපක්ෂ විසින් දියත්කර ඇති මේ සැලැස්ම අනුව කුමන්ත්‍රණ ආණ්ඩුවට සහය දෙන මන්ත්‍රීවරුන්ට උපදෙස් නිකුත්කර ඇත්තේ ජනතාව අමතන සෑම අවස්ථාවකම පාර්ලිමේන්තුව විවෘතව තැබුවහොත් ඒ තුළ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ඝාතනය වීමේ අවධානමක් ඇති බව අවධාරණය කරන ලෙසය.

කුමන්ත්‍රණ ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු වන  මහින්ද අමරවීර, පාර්ලිමේන්තුව තුල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හෝ දෙතුන් දෙනෙකු ඝාතනයක් සිදුවීමට ඉඩ ඇති බවට වන ලෝක විහිළුවක් අගුනකොළපැලැස්ස ශ්‍රිලනිප ආසන බල මණ්ඩලය අමතමින් සිදුකර ඇත්තේද ඒ අනුවය.

එසේම ඉදිරියේදී ජනතාව අමතන සෑම අවස්ථාවකම මේ බව කියමින් එවැන්නක් සිදුවුවහොත් කතානායක කරු ජයසුරිය ඊට වගකිව යුතු බවද අවධාරණය කරන්නට කුමන්ත්‍රණ නායකයින් උපදෙස් නිකුත් කර ඇති බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.

ශ්‍රේෂ්ඨාධිකරණයට කරන බලපෑමක් !

මේ අතර දේශපාලන ආරංචිමාර්ග සඳහන්කර සිටින්නේ පාර්ලිමේන්තුවේ ලේ වැගිරීමක් හෝ ඝාතනයක් සිදුවිය හැකි බවට ගෙනයන ප්‍රචාරය පිටුපස ශ්‍රේෂ්ඨාධිකරණයට බලපෑම් කිරීමේ නින්දිත උත්සාහයක්ද ක්‍රියාත්මක බවයි.

කුමන්ත්‍රණ ආණ්ඩුව ආරම්භක අවස්ථාවේ සිටම පාර්ලිමේන්තුව තුළ බහුතරය ඔවුන්ට නොමැති බව කුමන්ත්‍රණයේ නායකයන් දන සිටි බවත් මන්ත්‍රීවරුන් මුදලට බිලීබා ගැනීමේ උත්සාහයත් අසාර්ථකවූ පසු පාර්ලිමේන්තුව විසිරුවා හරින්නට සිරිසේන ජනාධිපති කටයුතු කලේ ඒ අනුව බවත් එම ආරංචිමාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.

සිරිසේනගේ මුට්ටිය දැමිල්ල !

එසේම  පාර්ලිමේන්තුව විසිරුවාලීමේ ගැසට් නිවේදනය නිකුත් කරමින් සිරිසේන ජනාධිපති ජාතිය ඇමතු අවස්ථාවේ ද පාර්ලිමේන්තුවේ ලේ වැගිරීමක් සිදුවිය හැකි බව පැවසූ නමුත් ඒ වන විට පාර්ලිමේන්තුවේ කිසිඳු කලබැගෑනියක් නොතිබූ බවද සිහිපත් කෙරෙයි. එසේම පාර්ලිමේන්තුවේ ලේ වැගිරීමක් ඇති කරන්නට උත්සාහ කළේ රාජපක්ෂ පාර්ශවය ඇතුළු කුමන්ත්‍රණයේ මන්ත්‍රීවරුන් බවද එම වාර්තා වල තවදුරටත් දැක්වේ.

ඒ අනුව අප ආරංචිමාර්ග පෙන්වා දෙන්නේ ව්‍යවස්ථා විරෝධී ආකාරයට කුමන්ත්‍රණ ආණ්ඩුවක් පිහිටුවා එහි සම්පුරණ බලය යොදා මැතිවරණ  කොල්ලයක් හරහා මහා බලයක් ගැනීමේ සූදානමක් කුමන්ත්‍රණ ආණ්ඩුවට තිබූ නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ මැදිහත්වීම මත එය වැළකී ගිය බවය.

ශ්‍රේෂ්ඨාධිකරණයට බලපෑම් !

එහෙත් මේ වන විට මෙරට ශ්‍රේෂ්ඨාධිකරණ ඉතිහාසයේ සිටි අපකීර්තිමත්ම, පහත නින්දිත  අගවිනිසුරු වූ සරත් එන්. සිල්වා ප්‍රමුඛ පිරිසක් ඒ වෙනුවෙන් යොමුකර ඇති බවත් ඔවුන් මේ වන විටත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ට බලපෑම් කරමින් සිටින බවත් දැනගන්නට ඇති බවත් එම ආරංචිමාර්ග සඳහන් කරයි.

 

උපුටාගැනීම – https://newstube.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article