ආරක්ෂක හේතු මත පාර්ලිමේන්තුවට වතුර බෝතල් රැගෙන ඒම ඊයේ (08) සිට තහනම් කර තිබේ.

පිටතින් පැමිණෙන අමුත්තන්ට මෙන්ම පාර්ලිමේන්තු සේවක සේවිකාවන්ටද මෙම තහනම එකසේ බලපැවැත්වෙන අතර  පාර්ලිමේන්තුවේ සෑම ස්ථානයකම බීමට ජලය ඇති හෙයින් පිටතින් මෙලෙස ජලය ගෙන ඒමේ අවශ්‍යතාවයක් නොමැති බව අදාල අංශ විසින් පවසා ඇතැයි මාධ්‍ය වාර්ථා කර තිබුණි.
පාර්ලිමේන්තු සේවක සේවිකාවන් විසින් ඊයේ දිනයේදි සිය පුද්ගලික පරිහරණය සදහා රැගෙන ආ වතුර බෝතල් පාර්ලිමේන්තුව තුලට ගෙන යාම මේ අනුව තහනම් විය.
මේ හේතුව නිසා තමන් කිසියම් අපහසුවකට පත්වු බවද ඔවුහු කියා සිටිති.