Sunday, May 19, 2024

පාර්ලිමෙන්තුව විසුරුවා හැරියේ 113 නැති නිසා ගම්මන්පිල පිළිගනී

Must read

(8.00PM) ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මහතා වෙත අගමැති ධුරය ලබා දීමෙන් පසු ඉදිරි කාලය තුළ ආණ්ඩුව පවත්වාගෙන යාමට අපේක්ෂාවෙන් සිටි බවත් ආණ්ඩුව පවත්වාගෙන යාමට අවශ්‍ය මන්ත්‍රී දුර 113 සකස්කර ගැනීමට නොහැකි වූ බවත් එම නිසා අවසානයේ පාර්ලිමේන්තුව විසිරුවා හැරිය බවත් මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

පසුගියදා පැවති දෙරණ 360 වැඩසටහනට එක්වෙමින් ගම්මන්පිල මහතා මේ බව සඳහන් කර ඇත.

මුස්ලිම් කොන්ග්‍රසයේ සහ රිශාඩ් බදුර්දීන් මහතාගේ පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඇමිති ධුර ලබා දුන් බවත් එය රටට හෙළි නොකර රහසක් ලෙස තබාගෙන සිට ඇති බවත් මෙහිදී ආනරවරණය විය.

විශේෂයෙන් බැසිල් රාජපක්ෂ මහතාගේ මැදිහත්වීම මත එම මන්ත්‍රීවරුන්ට ඇමති ධුර ලබාදීම සම්බන්ධයෙන් හෙළි කිරිම නතර වූ බවත් බැසිල් රාජපක්ෂ මහතාට අවශ්‍යව තිබුනේ තනි තනි මන්ත්‍රීවරු ලෙස නොව පක්ෂ ලෙස කෙලින්ම සම්බන්ධ කර ගැනීම බවද මෙහිදී හෙළි වේ.

එමෙන්ම කුමාර වෙල්ගම මහතා ඇතුළු සිව් දෙනෙකු පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරිමට සූදානමක් තිබූ බවද මෙහිදී අනාවරණය විය.

පසුගිය ඔක්තෝබර් 26 වනදා ජනාධිපතිවරයා විසින් මහින්ද රාජපක්ෂ මහතාව අගමැති බවට පත් කරමින් සිදු කර එම නීති විරෝධී ක්‍රියාවලිය ආරම්භයේ සිටම මෙය කුමන්ත්‍රණයක් බවත් වහාම මෙය පරාජය කිරීම සඳහා කොන්දේසි විරහිතව මැදිහත්වන බවත් ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කර සිටියේය. තමන්ට බහුතරය සකස් කර ගැනීමට නොහැකි වීම නිසා අවසානයේ පාර්ලිමේන්තුව විසිරුවා හැරිය බවත් ජනතා විමුක් තිපෙරමුණ අවධාරණය කළේ ය.

මෙය කුමන්ත්‍රණයක් යැයි ජනතා විමුක්ති පෙරමුණ දිගින් දිගටම ප්‍රකාශ කරද්දී මහින්ද රාජපක්ෂ ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් ප්‍රකාශ කර සිටියේ මෙලෙස අගමැති ධුරය ගනු ලැබූවේ ආණ්ඩු කිරීමට නොව බාර කාර ආණ්ඩුවක් යටතේ මැතිවරණයකට යාමේ අදහසින් බවයි.

එහෙත් එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් උදය ගම්මන්පිල මහතාද මේ අවස්තාවේ ප්‍රකාශ කරන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 113කගේ බහුතරය සකස් කර ගැනීමට නොහැකි වූ නිසා අවසානයේ පාර්ලිමේන්තුව විසිරුවා හැරිය යුතු බවයි.

(www.lankatruth.com)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article